එකලස් කළ බවට චෝදනා එල්ල වන V 8 වාහනය එහි ලියාපදිංචි අයිතිකරු වන සුජීව සේනසිංහ රුපියල් මිලියන සියයක බැඳුම්කරයක් මත මුදා හරින ලෙස කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි අද( 25) දින නියෝග කර තිබෙනවා. (Sri Lanka Latest News)
එමෙන්ම වාහනය විකිණීම, වෙනස් කිරීම අන්සතු කිරීම තහනම් කරමින් එම නියෝගය නිකුත් කළ මහේස්ත්‍රාත්වරිය අධිකරණය දැනුම් දෙන අවස්ථාවලදී වාහනය අධිකරණයට ඉදිරිපත් කොඔන ලෙසත් නියෝග කළා.
මෙම වාහනය එකලස් කරපු වාහනයක් බවට කිසිදු සාක්ෂියක් අධිකරණය හමුවේ ගොනුකර නොමැති අතර වාහනය රේගුවෙන් පන්නපු වාහනයක් නොවන බව අතර එය මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොකළ වාහනයක් නොවන බව අතර රජයේ රස පරීක්‍ෂකවරයාගේ වාර්තාවට අනුව වාහනය කිසිදු එකලස් කිරීමක් සිදුකර නැති බවට ඔප්පු වී තිබෙන බව සුජිව සේනසිංහ වෙනුවෙන් පෙනි සිටි නීතිඥවරුන් අධීකරණය හමුවේ කියා සිටියා.
මෙම ප්‍රශ්ණගත වාහනයට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් සිය සේවාදායකයා අධිකරණයට සහාය දැක්වූ බවත් ඒ අනුව මෙම වාහනය ලියාපදිංචි අයිතිකරු වන සුජිව සේනසිංහ හට මුදාහැර ලෙස සුජිව සේනසිංහ වෙනුවෙන් පෙනි සිටි ජනාධිපති නීතිඥ වරුන් වන මෛත්‍රී ගුණරත්න, ෆර්හාන් කාසීම් යන ජනාධිපතිනි නීතිඥවරුන් ඇතුළු නීතිඥ මඩුල්ල සිදු කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය එම නියෝගය සිදු කළා.
එමෙන්ම ප්‍රශ්නගත වාහනය ලියාපදිංචි කිරීමට මෝටර් රථ දෙපාර්තමේන්තුව වෙත බාර දී ඇති MT 6 පෝරමය මුල් පිටපත විමර්ශන සදහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සැකකටයුතු ලේඛන පරීක්ෂකවරයා වෙත යොමු කරන ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත නියෝගයක් නිකුත් කළය.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ ශ්‍රී රංගා මහතාගේ ප්‍රකාශය අනුව මෙම වාහනය ලියාපදිංචි මාරු කිරීමට අදාළව ඉදිරිපත් කළ MT 6හි අත්සන ඔහුගේ නොවන බවට සිදු කළ ප්‍රකාශය අනුව සිදු කරන විමර්ශන වලට අදාළව එම නියෝගය ඉල්ලා සිටියා.
hirunews










