• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

භයානකයි! අනතුරුදායකයි! ටික්ටොක් අපතයන්ගෙන් දරුවන් ප්‍රවේශම් කරගන්න!

January 24, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
භයානකයි! අනතුරුදායකයි! ටික්ටොක් අපතයන්ගෙන් දරුවන් ප්‍රවේශම් කරගන්න!
Share on WhatsAppShare on Facebook

ලෝකෙ දියුණු වෙලාද? ඔව්, ලෝකෙ දියුණු වෙලා. ලෝකෙ වෙනස් වෙලාද? ඔව්, ලෝකෙ වෙනස් වෙලා. ලෝකෙට තාක්ෂණය ඇවිල්ලා, ලෝකෙ අලුත් දේවල් හොයන්න පටන් අරගෙන, අලුත් දේවල් හිතන්න පටන් අරගෙන. ලෝකෙ දියුණු වෙලා තියෙන්නේ සන්නිවේදනයත් එක්ක. සන්නිවේදනයත් එක්ක ලෝකෙ දියුණු වෙලා කිව්වම ඒක හොඳ දෙයක්. ඇත්තටම නරක දෙයක් නෙවෙයි. මේ ගතවෙලා යන කාලය ගෝලීය සංස්කෘතිය යුගය ලෙස හඳුන්වනවා. ඒ, සන්නිවේදනඥයන් විසින්.

මේ ගෝලීය සංස්කෘතිය ඇතුළේ මිනිස්සු අනෙක් අයව ඉතා ළඟින් ඇසුරු කළ හැකි තැනට පත්වෙලා ඉවරයි. ඒ කියන්නේ ලෝකෙ කොහේ හිටියත් ඕනෑම කෙනකුට ඔහුව ඉතාම ළඟ ඇසුරක් දක්වා සම්බන්ධතා පවත්වාගැනීමට පුළුවන් වෙලා තියෙනවා. ඒකට අපි යොදාගන්නේ අපේ අතේ තියෙන නව මාධ්‍ය මෙවලම. නව මාධ්‍ය මෙවලම වගේම මේකට අපි කියනවා අංකිත තාක්ෂණික මෙවලම් කියලත්. මේ තාක්ෂණික මෙවලම් ඉතා පහසු, හුරුබුහුටි සහ ඉතා කාර්යක්ෂම උපකරණ බවට පත්වෙලා තියෙනවා. හිතාගන්න බැරි විදියට ක්ෂණිකව ලෝකයේ එහා කොනේ ඉන්න කෙනෙක් වුණත් අපට සම්බන්ධ කරගන්න පුළුවන් තැනට පත්වෙලා තියෙනවා. මේ මෙවලම් ඇතුළේ අපට විනෝදාශ්වාදය, තොරතුරු ලබාදීම ඇතුළු විවිධ රසමුසු දේ තියෙනවා. වර්ණවත් ලෝකයක් ඇතුළේ අපි හොයන අපි දකින විවිධ සුන්දර දේවල් අපි විඳිනවා. මේ වර්ණවත් මෙවලම දරුවන් අතට පත්වෙන්නේ 2019 දෙසැම්බර් මාසෙන් පස්සේ. ඒ, 2019 දෙසැම්බර් මාසයේ ගුරුදෙගුරු රැස්වීමලදී ගුරුවරු කියන්නේ මොබයිල් එක දරුවන්ට දෙන්න එපා කියලා. ඒත්, 2020 උදාවෙනකොට අපට හිතාගන්න බැරි විදියට ලෝකය අගුළු දාන තැනට පත්වෙනවා. මේ අගුළු දැමූ ලෝකයේ සියල්ල පරාජය වෙනකොට සන්නිවේදනය විතරක් ජයග්‍රහණය ලබනවා. ලෝකයේ වැඩිම මුදල් යොදවන බලය යොදවන වැඩිම ශක්තිය යොදවන සෞඛ්‍ය ක්ෂේත්‍රය පවා කොවිඩ් වසංගතය හමුවේ පරදිනකොට සන්නිවේදන ක්ෂේත්‍රය තමන්ට පුළුවන් ආකාරයෙන් ජයග්‍රහණ ලබනවා. ඒ, නිවෙසේ සිට අධ්‍යාපනය, නිවෙසේ සිට රාජකාරි, නිවෙසේ සිට වැඩමුළුවලට සහභාගි වීම, නිවෙසේ සිට හමුවීම් පැවැත්වීම දක්වා දියුණු වෙමින්.

මේ දියුණුවේ එක කොටසක් විදියට තමයි දරුවො අතට මොබයිල් ෆෝන් එක එන්නේ. දරුවො අතට මොබයිල් ෆෝන් එක ආවෙ එහෙමද, නැත්නම් වෙන විදියකටද කියන එක සම්බන්ධව ඒ තරම්ම නිශ්චිත තොරතුරු ලැබෙන්නේ නෑ. කොහොම නමුත් මේ දරුවාටත් මේ ජංගම දුරකතනයක් ලැබෙනවා. ඒත් අද ඒ දරුවා ඉන්නේ ඉතා බරපතළ අර්බුදයකට මැදි වෙලා. ඒ අර්බුදයට හේතුව වෙන්නේ ‘ටික් ටොක්’ සමාජ මාධ්‍ය ජාලය. අපි මේ ‘මව්රට’ මාසෙක කාලයක් ඇතුළත ටික් ටොක් ගැන ලියන දෙවැනි ලිපිය. ටික් ටොක්වලින් සිද්ධ වෙච්ච පළමු විපතත්, දෙවැනි විපතත් මෙය නොවන නිසා ටික් ටොක් යනු විපත් වෙන සුළු දෙයක්ද කියලා ඔබට දැනෙන්න පුළුවන්. ඇත්තටම පිහිය ගෙදර තියෙනකොට ඒ පිහියෙන් පාන් කපන්නත් පුළුවන්, කෙනකුට අනතුරක් කරන්නත් පුළුවන්. සමාජ ජාල, නව මාධ්‍ය, ටික් ටොක් මේ සියල්ලම එහෙමයි.

සිදුවීම වෙන්නේ මේ විදියට. ඉකුත් ජනවාරි 01 වැනිදා දෙහිවල ප්‍රදේශයේ සාදයකට සහභාගි වෙච්ච දැරියක් යළි නිවෙසට පැමිණියේ නැහැ කියලා පොලිසියට පැමිණිල්ලක් ලැබෙනවා. ඒ පැමිණිල්ලත් එක්ක පොලිසිය මේ ගැන හොයන නමුත් දැරිය හැරෙන තැපෑලෙන් පසුදා උදෑසන ගෙදර එනවා. මේ පැමිණීමත් එක්ක සිදුවීම ඉවර වෙන්න තිබුණත් පොලිසිය විසින් යළි මේ සිදුවීම සම්බන්ධව සැක කළ නිසා ඈව පොලිසියට ගෙන්වාගෙන මුල්ලේරියාව රෝහලට යොමුකොට පරීක්ෂා කර තිබෙනවා. එහිදී අන්තරායකර මත්ද්‍රව්‍ය ශරීරගත වී තිබුණු බව අධිකරණ වෛද්‍ය නිලධාරියා හඳුනාගෙන තිබෙනවා. මේ සම්බන්ධව පරීක්ෂණ කරද්දී දැනගන්නට ලැබෙන්නේ මෙන්න මේ ආකාරයේ කතාවක්.

2021 වසරේ අග භාගයේදී මේ දැරිය ‘වට්ස් ඇප්’ මාර්ගයෙන් එක්තරා තරුණියක හඳුනාගෙන තිබෙනවා. මේ හඳුනා ගැනීමෙන් පස්සේ ‘ටික් ටොක් කිරි සමන්’ නමැති පුද්ගලයකුව ඇයට හඳුනා ගන්නත් ලැබෙනවා. ලියුම්කරු ‘ටික් ටොක් කිරි සමන්’ කියන හාදයාව දන්නෙ නැති වුණාට මේ ලිපිය ලියන්න අවශ්‍ය නිසා ඔහු ගැන සොයා බැලුවා. ‘ටික් ටොක් කිරි සමන්’ කියලා කියන්නේ, ටික් ටොක් සමාජ ජාලය ඇතුළේ ඉතා ප්‍රසිද්ධ වෙච්ච කෙනෙක්. කොණ්ඩය පාට කරගත්තු, කෙට්ටු ශරීරයක් තියෙන, සුදු පැහැති මුහුණක් තියෙන, ඇස්වලට කාච දාපු මේ තරුණයා තරුණියන්ගෙ පුදුමාකාර වීරයෙක් බවට පත්වෙලා කියලයි අපට දැකගන්න ලැබුණේ. ඇත්තටම මේ සමාජයට වීරයො අවශ්‍යයි.

හැබැයි ඒ වීරයෝ කියලා කියන්නේ ‘වීරයන්ට’. නිකන්ම නිකන් පාට ගාගත්තු මිනිස්සු එහෙන් මෙහෙන් ඔළුවෙන් හිටගෙන, බල්ටි ගහන වීඩියෝවලට පෙනීසිටින දර්ශන දිහා බලලා ඔවුන් තමන්ගෙ වීරයො කියලා හිතන තරුණ තරුණියො ඉන්න සමාජයකට හෙට දවසේ වෙන්නෙ මොකක්ද කියලා අපට ටික් ටොක් කිරි සමන් හොයද්දී හිතුණා. කොහොම නමුත් මේ කිරි සමන් කියන හාදයා දැරියව දෙසැම්බර් මාසෙ දිනක රාත්‍රී 12ට පමණ නිවෙසින් රැගෙන ගොස් යළිත් අලුයම 4ට පමණ නිවෙසට ගෙනැවිත් ඇරලා ඇති බව දැරියගේ ප්‍රකාශවලින් කියැවෙනවා. එහිදී ඇය දූෂණයට ලක්ව ඇති අතර, ටික් ටොක් කිරි සමන් කියන තරුණයාට අමතරව තවත් පුද්ගලයෙක් ඇය සමග ලිංගිකව එකතුවී අති බව දැනගන්න තිබෙනවා. ඉන් පස්සේ දෙසැම්බර් 20, 21, 22 යන දිනවලින් එක් දිනෙකදී පෑලියගොඩ ප්‍රදේශයේ සාදයකට යන බව පවසා ඇය නිවෙසින් පිටව ගොස් තිබෙනවා. පසු දින අලුයම 6.30ට තමයි ඇය නැවත නිවෙසට ඇවිත් තිබෙන්නේ. ඒ වෙද්දිත් ඇගේ වයස අවුරුදු 11යි කියලා තමයි මේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ටික් ටොක් කිරි සමන් සහ තවත් පුද්ගලයෙක් දැරිය සමග එහිදීත් ලිංගිකව එකතුවී ඇති බවත්, ඉන් පස්සේ කැලණිය ප්‍රදේශයේ තරුණයකුද දැරිය හඳුනාගෙන තිබෙනවා. ඔහුගේ ආරාධනය මත ජනවාරි පළමුවැනිදා දෙහිවල ප්‍රදේශයට ඈ ගිහින් තිබෙනවා. එලෙස ගිය ඇය යළි නිවෙසට පැමිණීමට පමාවීමත් එක්ක තමයි මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් දාලා තියෙන්නේ. දැරිය සාදවලට රැගෙන යෑම, ඈට මත්ද්‍රව්‍ය ලබාදීම ඇතුළු බොහෝ කටයුතුවලට සම්බන්ධ වෙච්ච තරුණ තරුණියො අවුරුදු 19-22 අතර පසුවන්නන්. මට්ටක්කුලිය සහ කැලණිය ආදී ප්‍රදේශවල ඔවුන් පදිංචිකරුවෝ. මේ සිදුවීම සම්බන්ධව තවමත් පරීක්ෂණ සිදුවෙමින් පවතිනවා.

ගොළු මාපිය දෙපළකට දාව උපන් දැරියක් නිසා ඉතා පහසුවෙන් මෙසේ රවටා ගන්න හැකි වුණාද කියන එක සම්බන්ධව අපි හිතනවා. තලංගම පොලිසිය තමයි මේ කාර්යය සිද්ධ කරලා තියෙන්නේ. මොකද තලංගම පොලිසිය මේ කාර්යයට මේ තරම් මැදිහත් නොවුණා නම් ටික් ටොක් කිරි සමන් නමැත්තා ඇතුළු තවත් බොහෝ තරුණයන් විසින් මේ දැරිය අද මේ මොහොතේ පවා ලිංගික අපහරණයට ලක්කරමින් සිටින්නට පුළුවන්. හැබැයි මේ කතාව අවසානයේදී ඔබ කතාකළ යුත්තේ ටික් ටොක් කිරි සමන් ගැනවත්, ඔහු සමග කටයුතු කළ අනෙක් අපතයෝ ගැනවත් නෙවෙයි. ඒ සියල්ල අපතයෝ තමන්ගෙ කාලය කාදමන කාලකණ්ණි කියලා ඇඟිල්ල දිගු කරලා අපි කට පියාගෙන වැඩක් නැහැ. වයස අවුරුදු 11 දැරිය මේ තත්ත්වයට පත් වුණේ මවුපියන්ගේ වරදින්ද, නැත්නම් ඇයව බේරාගත්ත පොලිසියේ හැකියාවෙන්ද කියන එකටත් වඩා ඔබ හිතන්න ඕනේ කිරි සමන්ලා සමාජයෙ තව ඉන්නවා.

ටික් ටොක් ඇතුළේ වීරයො වෙච්ච සමහර හාල්පාරුවො තමන්ගෙ ගෙවල් ඇතුළට අරගෙන තමන්ගෙ ස්වාමිපුරුෂයා කරගත්ත සමහර නළු නිළි පැලැන්තිවලට හිමිකම් කියන ගායිකා රැජිනියො අද මේ සමාජය ඇතුළේ වැඳගන්නේ රාජකීය ලීලාවෙන්. උන් තමන්ගේ ටික් ටොක් වීරයත් එක්ක වයසින් හතරෙන් තුනක් විතර වයස වෙච්ච ටික් ටොක් වීරයත් එක්ක පින්තූර දානකොට ඒක එයාගෙ පෞද්ගලික ජීවිතය, අපට ඒකෙන් වැඩක් නෑ කියලා අත පිහදා ගන්නවා. ඇත්තටම අපට එක එකාගෙ පෞද්ගලික ජීවිතවලින් වැඩක් නෑ තමයි. ඒත් මේ ටික් ටොක් වගේ සමාජ ජාල ඇතුළේ හදන කාඩ්බෝඩ් වීරයෝ විසින් දූෂණය කරන්නේ විනාශ කරන්නේ අපේ රටේ තරුණ තරුණියන්.

රටකට සදාචාරයක් සංස්කෘතියක් තියෙන්න ඕනෙ කියන එක සම්බන්ධව අපි කතාකරන්න යනවා නෙවෙයි. ගෝලීය සංස්කෘතියත් එක්ක ලෝකයේ මේ බිහිවෙමින් යන සන්නිවේදන තාක්ෂණික යුගය ඇතුළේ බොහෝ දේ වෙනස් විය යුතුයි. නමුත් වෙනස් විය යුත්තේ මේ තැනට නෙවෙයි. ගොළු මවුපියන්ගේ දැරියක් වයස අවුරුදු 11දී නිවෙසින් එළියට අරගෙන ඇයව ලිංගික අපහරණයට ලක්කරන්න තරම් විකෘති කාමාශා සහිත තක්කඩින්ට සමානයි තමන්ගෙ අම්මාගේ වයසේ කාන්තාවක් විවාහ කරගෙන තමන්ට වඩා වයසින් වැඩිමල් දරුවො තමන්ගෙ දරුවො කියලා පින්තූර දාන කබ්බොත්.

ඒ නිසා කිරි සමන්ලා සමාජයෙ තව ඉන්නවා. කිරි සමන්ලාව ගෙට ගන්න කලින් තේරුම් අරගන්න මේ සමාජයට පිළිල වෙච්ච, නැත්නම් සමාජයට අප්‍රසන්න වෙච්ච, සමාජය කැත කරන, සමාජය කාලා විනාශ කරලා දාන කබ්බො තමන්ගෙ ගෙවල්වලට ගන්න මිනිසුන්ව පවා අපි ප්‍රතික්ෂේප කළ යුතු කාලයක් තමයි එළැඹිලා තියෙන්නේ. ඒ නිසා මතක තබාගන්න. වීරයො අවශ්‍යයි. නමුත් ඒ වීරයෝ බොල් පිළිම නෙවෙයි, ගල් පිළිම විය යුතුයි.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ආයෙ එනවද නැද්ද? මෛත්‍රී 2024 ජනාධිපතිවරණයේදී කරන්න යන දේ එළියට එයි!

Next Post

පාර්ලිමේන්තුව ඇරීමෙන් පසු කොරෝනා හැදුණු 5 වැනියාත් වාර්තා වෙයි!

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.