රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) නියෝජිතයන්ගේ සේවය විශ්ව විද්‍යාල පද්ධතිය සදහා ලබා ගැනීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම තීන්දු කර ඇත.
විශ්වවිද්‍යාල තුළ කෙරෙන අමානුෂික නවක වදය වැළැක්වීමේ පියවරක් ලෙස මෙසේ එම පද්ධතිය සදහා රාජ්‍ය බුද්ධි අංශවල සේවය ලබා ගැනීමට තීන්දු වී ඇති බව පැවෙසේ.
මේ සම්බන්ධයෙන් එම කොමිසම ආරක්ෂක අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර ඇති අතර ඊට යහපත් ප්‍රතිචාර ලැබී ඇති බවද දැනගන්නට ඇත.
ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා ප්‍රකාශ කොට ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවයේ මෙන්ම අනෙකුත් බුද්ධි අංශවල සේවයද විශ්වවිද්‍යාල පද්ධතියෙන් නවක වදය තුරන් කිරීම සදහා ලබා දීමට සූදානම් බවකි.
නවක වදය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා ප්‍රතිපාදන කොමිසම විසින් 8 පුද්ගල කමිටුවක් පත් කර තිබූ අතර එහි වාර්තාව පැමිණීමෙන් පසු මෙම තීන්දුව ගෙන ඇති බවද වාර්තා වේ.










