නීතිවිරෝධී මත්ද්‍රව්‍යය ජාවාරම් මැඬපැවැත්වීමටත් ඒවාට සම්බන්ධවන පිරිස් අත්අඩංගුවට ගැනීම වෙනුවෙනුත් යුද්ධ හමුදා භට පිරිස් දිවයින පුරා මෙහෙයුම්වල යෙදවීමට කටයුතු කර ඇත. යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරල් විකුම් ලියනගේ ලබා දුන් උපදෙස් අනුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකාය සිදුකළ ආවේක්ෂණ බුද්ධි රාජකාරිවලින් ලබාගත් තොරතුරුවලට අනුව ශ්‍රී ලංකා පොලීසිය සහ විශේෂ කාර්ය බලකාය සමඟ ඒකාබද්ධව සිදුකළ මෙහෙයුම්වලදී රුපියල් කෝටි හයට ආසන්න වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය ගත වූ සතියක කාලය තුළ අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත.
ඒ අනුව කේරළ ගංජා, හෙරොයින්, අයිස්, ගංජා, දුම්වැටි, කසිප්පු සහ ගෝඩා ඇතුළු මත්ද්‍රව්‍යය රැසක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.
මෙලෙස අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍යය අතර රුපියල් කෝටි පහක පමණ ආසන්න වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් ද ඇතුළත්ය. අදාළ මත්ද්‍රව්‍යය තොග සමඟ සැකකරුවන් 31 දෙනෙකුද අත්අඩංගුවට ගෙන නීතිමය කටයුතු සඳහා යුද්ධ හමුදාව විසින් අත්අඩංගුවට ගෙන පොලීසියට භාර දී ඇත.
දිලංක ගුණතිලක