දකුණු කොරියාවේ සෝල් අගනුවර පටු වීදියක, හලොවීන් සැමරුමක් අතරතුරේ හටගත් තෙරපීමකින්, එම සැමැරුමට එක් වුණු 151 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
තෙරපීමෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 80 ක් බවත් ඔවුන්ගෙන් වැඩි දෙනකු බරපතල තත්ත්වයෙන් පසුවන බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි. මරණ තවත් ඉහළ යෑමට ඉඩ ඇති බව වෛද්‍යවරු පෙන්වා දෙති.
මියගිය සහ තෙරපී තුවාල ලැබූ වැඩි දෙනා නව යොවුන් තරුණ තරුණියන්ය. මාධ්‍ය වාර්තා කර ඇති අන්දමට ඔවුන් සියලු දෙනා අවුරුදු 20 ට අඩු අයය.
හලොවීන් සැමරුම පැවැත්වූයේ සෝල් අගනුවර අයිටේවොන් නමැති පළාතේ පටු වීදියකය. සෝල් අගනුවර රාත්‍රී සමාජ ශාලා, අවන්හල් ආදිය බහුලව ඇත්තේ මෙමඅයිටේවොන් පළාතේය. ‘කොවිඩ් 19’ වසංගතය හේතුවෙන් පනවා තිබූ සෞඛ්‍ය නීතිරීති ලිහිල් කිරීමෙන් පසු, එළිමහනේ සංවිධානය කෙරුණු, මුහුණු ආවරණ අනිවාර්ය නොවූ,පළමු හලොවීන් සැමරුම් උත්සවය මෙය විය.
මියගියවුන් අතර ලංකාවේ අයකුද සිටින බව වාර්තා වේ.