විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වූ විපක්ෂ නායක ජංගම සේවය මොණරාගල බුත්තල ඔක්කම්පිටිය ප්‍රදේශයේ දී පැවති අතර එම ජන හමුවට ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එක්ව සිටියහ.
ප්‍රදේශයේ ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබදව විපක්ෂ නායකවරයාව දැනුවත් කිරීමට ඔවුන් කටයුතු කළ අතර සංවාදශීලී හමුවක් බවට පත්විය.
පවතින ආර්ථික පීඩනයත් සමඟම ජීවන වියදම උග්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවත්, අවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාම හේතු කොටගෙන එදිනෙදා ජීවිතය ගැටගසා ගැනීම පමා පවා දැඩි අර්බුදයකට ලක්ව ඇති බවත් විපක්ෂ නායක තුමා එහිදී පැවසීය.
පාසල් නිල ඇඳුම් සම්බන්ධව විපක්ෂ නායකතුමා මීට පෙර පාර්ලිමේන්තුවේදී කරන ලද කතාව පිළිබඳව සිය ප්‍රසාදය පළ කළ ජනතාව, විෂය භාර අමාත්‍යවරයා ලෙස ජී එල් පීරිස් මහතා එහිදී ලබා දුන් පිළිතුරු සාවද්‍ය බව ද ප්‍රකාශ කළේය.
තවමත් තම දරුවන්ට නිල ඇඳුම නො ලැබී ඇති බව පැවසූ ඔවුන්, වැඩිදුරටත් පවසා සිටියේ පාසල් දරුවන්ට අවශ්‍ය පෙළපොත් වලින් වැඩි ප්‍රමාණයක් මිලට ගැනීමට සිදුවී ඇති බවය.
එම අවස්ථාවට සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මසේන විජේසිංහ ඇතුළු මැති ඇමතිවරුන් රැසක් ද ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එක්ව සිටියහ.










