බස්නාහිර පළාත හැර සෙසු පළාත්වල ලබන 25 වනදා සිට උපකාරක පන්ති පැවැත්වීමට අවසර ලබාදුන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
කෙසේවෙතත් සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ උපකාරක පන්ති පමණක් ප‍්‍රථම අදියර යටතේ ආරම්භ කරන ලෙසට එම ගුරුවරුන්ගෙන් ඉල්ලීමක් කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන පැවසීය.
පසුගිය දිනෙක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද උපකාරක පන්ති ගුරුවරුන් හමුවී ඔවුන්ගේ ප්‍රශ්නය ආණ්ඩුවේ බලධාරීන් වෙත දැනුම් දීමට පියවර ගෙන තිබිණ.










