අම්පාර නගරයේ ඊයේ (07) සිදුවූ රිය අනතුරකින් අම්පාර පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා සහ තවත් පොලිස් කොස්තාපල්වරයෙක් බරපතළ තුවාල ලැබූ සිද්ධියේ වීඩියෝව මේ වනවිට නිකුත් වී තිබේ.
ස්ථානාධිපතිවරයා රථවාහන රාජකාරියේ නිරතව සිටියදී කැබ් රථයක්, ඔහු ගමන්ගත් පොලිස් යතුරුපැදියේ ගැටීමෙන් මෙම අනතුර සිදුවිය.
අනතුර සිදුවන අවස්ථාවේ කැබ් රථයේ රියදුරු බීමතින් සිට ඇති අතර අනතුරින් ස්ථානාධිපතිවරයා බරපතළ තුවාල ලබා රෝහල් ගතකරනු ලැබීය.
අනතුර සිදුකළ කැබ් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අම්පාර පොලිසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරයි.










