• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බිව්වා නේද ධම්මික පැණිය… අනේ මගේ ඇමැති පණේ කියන්නකෝ ඇත්ත අනේ… බිව්වා නේද ධම්මික පැණිය…

January 31, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
බිව්වා නේද ධම්මික පැණිය… අනේ මගේ ඇමැති පණේ කියන්නකෝ ඇත්ත අනේ… බිව්වා නේද ධම්මික පැණිය…
Share on WhatsAppShare on Facebook

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා සොයා ගත් කොරෝනා පැණිය අපේ රටේ දැඩි ආන්දෝලනයක් ඇති කළේය. එම පැණිය සොයා ගත් මුල් අවධියේදී බොහෝ මාධ්‍යවල ප්‍රධාන පුවත බවට එය පත් විය. ඒ සඳහා ලැබුණු ඉහළ මාධ්‍ය ප්‍රචාරය හේතුවෙන් බොහෝ දෙනකු එම පැණිය ලබා ගැනීමට ධම්මික බණ්ඩාර මහතාගේ නිවසට ගිය ආකාරයද දැක ගත හැකි විය. ඒ බව ඇතැම් ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේද වාර්තා විය. ධම්මික බණ්ඩාර මහතාගේ කොරෝනා පැණිය තව දුරටත් කතා බහට ලක් වූයේ ප්‍රසිද්ධියේ එය පානය කිරීමට සෞඛ්‍ය ඇමැතිවරිය, කතානායකවරයා ඇතුළු තවත් ඇමැතිවරු කිහිප දෙනකු කටයුතු කිරීමත් සමඟිනි. කෙසේ නමුත් පසුව වාර්තා වූයේ එම පැණිය පානය කළ බොහෝ දෙනකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවය. විශේෂත්වය වූයේ මාධ්‍ය ප්‍රචාරය ලබා දෙමින් එලෙස පැණිය පානය කළ සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි සහ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත යන මහත්ම මහත්මීන්ටත් කොවිඩ් 19 ආසාදනය වූ බව වාර්තා වීමය. ධම්මික පැණිය ප්‍රසිද්ධියේ පානය කළ නමුත් කොවිඩ් ආසාදනය වූ බවට තහවුරු වූ රජයේ ප්‍රබලයන්ගෙන් ඒ පිළිබඳව විමසීමට අප අදහස් කළේ සිදු වූයේ කුමක්දැයි යන්න නියමාකාරයෙන් දැන ගැනීම සඳහාය. එමෙන්ම අප මෙම පැණියේ නිර්මාතෘවරයා වූ ධම්මික බණ්ඩාර මහතාගෙන්ද ඒ පිළිබඳ නැවත වරක් විමසුවේ සිදුවූයේ කුමක්දැයි යන්න සම්බන්ධයෙන් අදහස් දැක්වීමේ අයිතියක් ඔහුටද ඇති බැවිනි. මේ ඔවුන් ඊට ලබාදුන් පිළිතුරුය.

නියම මාත්‍රාවට මම පැණිය බිව්වත් මට කොරෝනා හැදුනා- රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත

ධම්මික පැණිය දේශීය වෛද්‍ය සභාවක් විසින් අතිරේක ආහාරයක් හැටියට ගන්න කියලා තිබුණු නිසා මමත් ඒ පැණිය පාර්ලිමේන්තුවට ගෙන ආ අවස්ථාවේ ලබා ගත්තා. සමහර මන්ත්‍රිවරුන්ට ඒ පැණිය බෝතල් කාල බැගින් ලබාදෙනවා මම දුටුවා. ඒ නිසා මට ඒ අය කියූ පිළිවෙළට ඒ පැණිය පානය කළා. හැබැයි මගේ සෙම නම් අඩු වුණා ඒක බීලා. සති කිහිපයකින් මම කොරෝනා ආසාදිතයෙක් වුණා. ඒ පැණිය ගැන මම අවතක්සේරු කරන්නේ නැහැ. මම දැන් කොග්ගල යුද හමුදා නිරෝධායන ආයතනයේ නිරෝධායනය වෙමින් සිටිනවා. සෞඛ්‍ය බලධාරීන් දෙන උපදෙස් අනුව ඒවා පිළිපදිනව නම් කොරෝනාවලින් බේරෙන්න පුළුවන්.

මම බිව්වේ එක උගුරයි -මන්ත්‍රි ඒ. ජේ. එම්. මුසම්මිල්

ඔය කියන පැණිය කතානායකවරයා හමුවට ගෙනා වෙලාවේ මමත් ඒකෙන් උගුරක් බිව්වා. නමුත් මම ඒක ඖෂධයක් හැටියට පානය කරන්න ගියේ නැහැ.

මම නම් නියම මාත්‍රා ගානට බිව්වා: මේක දැන් පැතිරෙන්න පටන් අරන් – කතානායක මහින්ද යාපා අබේවර්ධන

ඔය කෑගල්ලේ පැණිය මම නම් නියම මාත්‍රා ගානට බිව්වා. අපේ තවත් මන්ත්‍රිවරු කිහිප දෙනෙකුත් ඒ රස බැලුවා. පාව්චි කරා. පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතාත් ඒක බීලා තිබුණා. අපේ පාර්ලිමේන්තුවේ ඇතැම් රියැදුරු පිරිසක්ද ඒ පැණිය බීලා තිබුණා. පාර්ලිමේන්තුව ඇතුළෙත්, පිටතත් කොරෝනා ආසාදනයක් සිදුවෙලා නැහැ. අපේ මන්ත්‍රිවරුන් ඒ අයගේ පළාත්වල මඟුල් ගෙවල්, මළගෙවල්වලට යන්න සිදුවනවනේ. මේක දැන් පැතිරෙන්න පටන් අරන්…

පවිත්‍රා බිව්වේ තේ හැන්දක් විතරයි

කොරෝනා ආසාදිතව නිරෝධායනය වෙමින් සිටින සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මියගේ සැමියා වන සබරගමුවේ පළාත් සභාවේ කාංචන ජයරත්න මහතා ඇමැතිවරිය වෙනුවෙන් මෙසේ අදහස් දක්වා සිටියා.
අපේ අමාත්‍යතුමිය දිනක් අමාත්‍යාංශයේ සමාජ සේවයේ සිටියදී රාජ්‍ය ඇමැතිවරුන් දෙදෙනකු එම පැණිය නිපදවූ පුද්ගලයන් සමඟ ඒම පැණියේ විස්තර ඉදිරිපත් කරා. ඒ අවස්ථාවේ ඇමැතිවරියත් තේ හැන්දකින් ටිකක් බීලා තිබුණා. ඒ ඇරෙන්න ඒ පැණිය ඒ අය කියූ උපදෙස් අනුව බිව්වේ නැහැ. ඒ පැණිය ඇමැතිවරිය ළඟට යන අවස්ථාවේ මාධ්‍යයද කැඳවාගෙන ඇවිත් තිබුණා.

ඇමැති සිසිර යන්නෙ කොහෙද මල්ලෙ පොල්

මේ සිද්ධියේදී පැණියට අදාළව මැදිහත්කරුවකු ලෙස කටයුතු කළ වෛද්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාගෙන් ඒ ගැන විමසූ අවස්ථාවේ අප විමසූ ප්‍රශ්නයෙන් පිට පැන පැණිය පිළිබඳ කතා නොකොට දැක්වූයේ මෙවන් අදහසකි.
දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ කොරෝනා ජාතික කමිටුව මඟින් ඖෂධ වර්ග 37ක් පමණ පර්යේෂණ පවත්වා ඒවා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන්ගේ සහ වෛද්‍යවරයාගේ මෙහෙය වීම මත රටපුරා බෙදා හැරීමට පියවර ගෙන තියෙනවා. ‘ඖෂධ වට්ටෝරුවක් කියවාගෙන යයි ඒ විතරක් නෙවෙයි ඩෙංගු රෝගය මැඩපැවැත්වීමට මේ වන විට වෛද්‍යවරුන් දෙදෙනකු විසින් ඖෂධ සොයාගෙන තියෙනවා.’ දුරකතනය විසන්ධි විය.

නියම මාත්‍රාවට බීලා නැතුව ඇති -ධම්මික පැණිය නිපදවූ කෑගල්ලේ ධම්මික බණ්ඩාර

මට ආරංචි වුණා මගේ පැණිය ගත් දෙතුන් දෙනකු කොරෝනා හැදුණා කියලා. ඒ අය මගේ පැණිය නියම මාත්‍රාවට බොන්න නැතුව ඇති.

ජයසුමන කතා කරන්නේ නැහැ

මේ සම්බන්ධයෙන් ඖෂධ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට දින කිහිපයක් උත්සාහ කළද එය අසාර්ථක විය.

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

දින 2කදී 37825කට එන්නත දෙයි

Next Post

මාර්තු 31 සිට ප්ලාස්ටික් බෑ

MORE NEWS

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

මෙහෙම දක්ෂකම් තියෙන නායකයෙක් වෙන පක්ෂෙක ඉන්නවාද? මේ විදිහට තමාගේ නායකයාව මාකට් කරන්න දන්නේ ප්‍රසාද් විතරමද? අනිත් අය නොකර ඉන්නේ ඉරිසියාවට? කුහකකමට? නැත්නම් දේශපාලනේ නොදන්න කමටද? VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර දිනලා සජිත් පැරදුණ හේතුව සජබ ගම්පහ මන්ත්‍රී ප්‍රසාද් හරියටම කියයි! මාලිමාව ඕන බොරුවක් ඇත්ත කරන විදිහ මෙන්න! අදටත් සජබය ඉන්නේ පසුපසින්! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරියයි පුත්‍රයායි මල්වතු-අස්ගිරි මහනාහිමිවරු හමුවෙයි! ලොකු ඉල්ලීමක් කරයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

Load More
සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මවට සමාජ මාධ්‍යවලින් පහර එල්ල කිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පාර්ලිමේන්තුවේදී විවේචනාත්මකව අදහස්...

Read more
මෙහෙම දක්ෂකම් තියෙන නායකයෙක් වෙන පක්ෂෙක ඉන්නවාද? මේ විදිහට තමාගේ නායකයාව මාකට් කරන්න දන්නේ ප්‍රසාද් විතරමද? අනිත් අය නොකර ඉන්නේ ඉරිසියාවට? කුහකකමට? නැත්නම් දේශපාලනේ නොදන්න කමටද? VIDEO I Sri Lanka Latest News

අනුර දිනලා සජිත් පැරදුණ හේතුව සජබ ගම්පහ මන්ත්‍රී ප්‍රසාද් හරියටම කියයි! මාලිමාව ඕන බොරුවක් ඇත්ත කරන විදිහ මෙන්න! අදටත් සජබය ඉන්නේ පසුපසින්! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේගේ බිරියයි පුත්‍රයායි මල්වතු-අස්ගිරි මහනාහිමිවරු හමුවෙයි! ලොකු ඉල්ලීමක් කරයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.