නිසි අයුරින් බදු නොපැනවීම හරහා රටට රුපියල් බිලියන 60ක පමණ වාර්ෂික බදු මුදලක් අහිමි කිරීම සම්බන්ධයෙන් පසුගිය කාලසීමාව පුරා පක්ෂ විපක්ෂ දේශපාලඥයන් අදහස් පළ කළද හිටිහැටියේම එය නැවතී ඇත්තේ සිගරැට් සමාගම්වලින් එල්ල වූ බලපෑම් නිසාදැයි සැකයක් මතුව ඇති බව මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථාන ආරංචි මාර්ග සදහන් කරයි.
මුල් අවස්ථාවෙීදී මේ පිළිබද පාර්ලිමේන්තුව මෙන්ම පාර්ලිමේන්තුවෙන් පිටතදීත් දේශපාලකයන් අදහස් දැක්වූවද හිටිහැටියේම එය නතර වීම හරහා මෙම සැකය මතුවන බව ඔව්හු සදහන් කර සිටිති.
ඔවුන් පෙන්වා දෙන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පමණක් මේ පිළිබදව පාර්ලිමේන්තුව තුළ අදහස් දැක්වීම අගය කළ යුතු බවත්, බලපෑම්වලට යටත් නොවී ඒ මහතා කළ ප්‍රකාශය පිළිබදව ආණ්ඩුවේ අවධානය යොමු විය යුතු බවත්ය.
විපක්ෂනායකවරයා එහිදී චෝදනා කර සිටියේ ඇතැම් දේශපාලකයන් සහ නිලධාරීන් දුම්කොළ සමාගම්වල සාක්කුවල සිටින බැවින් මෙසේ සිගරැට් සමාගම්වලට බදු නොපනවන බවකි.