මධ්‍යම සංස්කෘතික අරමුදලේ තිබූ රුපියල් බිලියන 11ක මුදලක් අවභාවිත කර ඇති බවට අගමැති මහිනිද රාජපක්ෂ මහතා වෙත බාර දී ඇති වාර්තාව ප්‍රතික්ෂේප කරන බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා අවධාරණය කළේය.
අද (29) දින පැවැත්වූ මාධ්‍ය සාකච්ජාවකදී ඒ මහතා පෙන්වා දුන්නේ ත්‍රිපුද්ගල කමිටුව විසින් ඒකපාර්ශ්වික වාර්තාවක් සකස් කර ඇති බවත්, අවම වශයෙන් එම කාලයන්හි අමාත්‍ය තනතුරු දැරූ කිසිවකුගෙන් ඒ පිළිබද ප්‍රකාශයක් හෝ ලබාගෙන නොමැති බවත්ය.
මැතිවරණ සමයන්හිදී මෙවැනි අසත්‍ය වාර්තා එළිදැක්වීම සාමාන්‍ය සම්ප්රදායක් බවද ඒ මහතා පෙන්වා දුන්නේය.










