“වැඩ සමඟ යළි ගමට” වැඩසටහන හරහා ග්‍රාමීය ක්‍රීඩාපිටි ප්‍රතිසංස්කරණය හා තරුණ තරුණියන්ගේ ක්‍රීඩා අවශ්‍යතා සපුරාලීම තුළින් ලබන වසර තුළ ගම් මට්ටමින් ක්‍රීඩා ක්ෂේත්රය ප්‍රවර්ධනය කළ හැකි බව ආර්ථීක පුනර්ජීවනය සහ දරිද්‍රතාවය තුරන්කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධන බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පැවසීය
ප්‍රාදේශීය, දිස්ත්‍රික් සහ පළාත් මට්ටමින් ක්‍රීඩා හා තරුණ කටයුතු නිලධාරින් සමඟ අද (2020.12.10) අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවේදි ඒ මහතා මේ බව සඳහන් කළේය.
තරුණ තරුණියන්ගේ ක්‍රීඩා කුසලතාවයන් වැඩිදියුණු කර ක්‍රීඩා ආර්ථිකයක් ඇති කිරීමට සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති මාලාව තුළින් බලාපොරොත්තු වන බවත් එමඟින් රටේ ආර්ථිකයට දැවැන්ත දායකත්වයක් ලබාගැනීමට අපේක්ෂා කරන බවත් බැසිල් රාජපක්ෂ මහතා එහිදී වැඩිදුරටත් අදහස් කළේය.
මෙවර අයවැයෙන් ක්‍රීඩා හා තරුණ කටයුතු සඳහා මිලියන 8264ක මුදලක් වෙන් කර තිබෙන බවත් අයවැය ඉතිහාසය තුළ ක්‍රීඩා හා තරුණ කටයුතු අංශය සඳහා වැඩිම මුදලක් වෙන් කළ පළමු අවස්ථාව මෙය බවත් බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කළේය.
කොවිඩ්19 වසංගත තත්ත්වය පැතිරීමත් සමඟ ආර්ථිකයේ විශෘල පසුබෑමකට ලක්ව සිටින අවස්ථාවක ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියක් පැවැත්වීම ආර්ථීකයට විශාල ශක්තියක් බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
ග්‍රාමීය මට්ටමින් ක්‍රීඩා ක්ෂේත්රය ප්‍රවර්ධනය කිරීමේදි ක්‍රීඩා හා තරුණ කටයුතු නිලධාරීන්ගේ පූර්ණ මැදිහත්වීම අවශ්‍ය වන බවත් ග්‍රාම සේවා වසම් මට්ටමින් ක්‍රීඩා පිටි සකස් කිරීමේදි ග්‍රාම සේවා වසමට ක්‍රීඩා සමාජයක් ආරම්භ කර එම ක්‍රීඩා සමාජයේ මූලිකත්වයෙන් ක්‍රීඩා පිටිය සඳහා සුදුසු භූමියක් තෝරා ගැනීම සිදු කරන ලෙසත් මෙහිදී බැසිල් රාජපක්ෂ මහතා ක්‍රීඩා හා තරුණ කටයුතු නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.
පාසල් මට්ටමින් ක්‍රීඩා පිටි ප්‍රතිසංස්කරණය කිරීමේදි පළාත් අධ්‍යාපන කාර්යාලය හා අධ්‍යාපන අමාත්‍යංශය සමඟ සාකච්ඡා කර අවශ්‍ය කටයුතු සිදු කරන ලෙසත් ඒ මහතා සඳහන් කළේය.
මෙහිදී අදහස් දැක්වූ ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ ලබන වසර වන විට ග්‍රාමිය හා පාසල් මට්ටමින් ක්‍රීඩා ක්ෂේත්රය තුළ ප්රවර්ධනයක් බලාපොරොත්තු වන බවයි.
එමෙන්ම ගම් මට්ටමින් ප්‍රතිසංස්කරණය කරනු ලබන ක්‍රිඩා පිටිවල ග්‍රාම සේවා වසම් මට්ටමින් මෙන්ම ප්‍රාදේශීය හා දිස්ත්‍රික් මට්ටමින් ද ක්‍රීඩා තරඟාවලීන් පැවැත්වීමට කටයුතු කරන බවද අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසුවේය.
ක්‍රීඩා කුසලතාවන්ගෙන් පිරි ගමේ තරුණ තරුණියන් ජාතික තලයෙන් ජාත්‍යන්තර තලයට ගෙන ඒම මෙම වැඩසටහනේ මූලික අරමුණ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය තේණුක විදානගමගේ මහතා, අමාත්‍යංශ ලේකම්වරු, ජාතික තරුණ සේවා සභාවේ නිලධාරින් සහ ක්‍රීඩා හා තරුණ කටයුතු නිලධාරින් පිරිසක් මෙම සාකච්ඡාව සඳහා සහභාගි වූහ.












