• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බැසිල්‌ගේ අතට මහජන්දයේ ප්‍රතිපල කල් තියාම ඇවිත්

February 8, 2020
in Exclusive, Rajya Rahas
Reading Time: 1 min read
A A
බැසිල්‌ගේ අතට මහජන්දයේ ප්‍රතිපල කල් තියාම ඇවිත්
Share on WhatsAppShare on Facebook

පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අපි හරියටම බැසිල් රාජපක්ෂ ලංකාවට එන දිනය පෙබරවාරි 02 බව සඳහන් කර සිටියෙමු. අප එසේ කියා සිටියේ අනෙකුත් මාධ්‍ය සහ වෙබ් අඩවි බැසිල් යළි ලංකාවට එන දිනය සම්බන්ධයෙන් විවිධ දිනයන් ප්‍රකාශ කරමින් සිටින අතරවාරයේය. අප කී ආකාරයටම බැසිල් ලංකාවට බලා ඒමට ඇමෙරිකාවෙන් පිටත් වුණේ 02 වැනි දිනය. බැසිල් ලංකාවට පැමිණියේ 03 වැනිදා උදේ වරුවේය. එසේ බැසිල් ලංකාවට පැමිණීමත් සමඟ තත්ත්පරයක්වත් අපතේ යවන්නට කටයුතු කළේ නැත. ඒ අනුව මුලින්ම බැසිල් කළේ සිය සොහොයුරන් දෙදෙනා වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාත්, අගමැති මහින්ද රාජපක්ෂ මහතාත් සමඟ හදිසි සාකච්ඡාවක් පැවැත්වීමට පියවර ගැනීමය. මෙම සාකච්ඡාව අතිශය රහසිගත එකක් වූ අතර අවම වශයෙන් මෙවන් සාකච්ඡාවක් පැවැත්වෙන බවක් පොහොට්ටුවේ බොහෝ දෙනා හෝ දැන සිටියේ නැත.
කෙසේ වෙතත් රාජපක්ෂවරුන් තිදෙනා අතර පැවැති මෙම අතිවිශේෂ සාකච්ඡාවේදී මාතෘකාව බවට පත්වූයේ ඉදිරියේදී බිහිකිරීමට නියමිත නව සන්ධානයත්, ඉදිරි මහ මැතිවරණයත් පිළිබඳවය. ඒ සම්බන්ධයෙන් වූ දීර්ඝ සංවාදයකින් පසු තීන්දු වූයේ ඉදිරි මහ මැතිවරණය පොහොට්ටුව ලකුණ යටතේ තරග වැදීමටත්, එහි සම්පූර්ණ වගකීම බැසිල්ට බාරදීමටත්, මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයද බැසිල්ට බාරදීමටත්ය. එමෙන්ම මැතිවරණයේදී භාවිතා කළ යුතු උපාය උපක්‍රමද මෙහිදී සාකච්ඡාවට ලක්විය.
ඉන් අනතුරුව ඉදිරියේදී බිහිකිරීමට නියමිත ආණ්ඩුව සංයුතිය සම්බන්ධයෙන්ද මෙහිදී තිදෙනා අතර සාකච්ඡාවට ලක්විය. ඒ අනුව අවශ්‍යයෙන්ම දිස්ත්‍රික් මට්ටමින් පාර්ලිමේන්තුවට තේරී පත්විය යුතු නියෝජිතයන් පිළිබඳවද, අලුත් මුහුණු ඉදිරියට රැගෙන ආ යුතු ආකාරය පිළිබඳවද තිදෙනා අතර දීර්ඝව සාකච්ඡාවට ලක්විය. ඊට අමතරව සාකච්ඡාවට ලක්වුණු තවත් මාතෘකාවක් වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඉන් ඉදිරිපත් වී ඇති ඉල්ලීම්ය. ඒ සම්බන්ධයෙන් ඉතා දීර්ඝව තිදෙනා අතර සාකච්ඡා කෙරෙනු දැකගන්නට ලැබිණි.
කෙසේ වෙතත් බැසිල් ලංකාවට පැමිණි බව වාර්තා වූ වහා අප කලින් අනාවරණය කළ ආකාරයටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් විශාල පිරිසක් බැසිල්ට දිගට හරහට දුරකතන ඇමැතුම් ලබාදෙමින් ඔහුව මුණගැසීම සඳහා වේලාවක් ලබාදෙන ලෙසට ඉල්ලීම් කරන ආකාරයක් දැකගන්නට ලැබිණ. ඒ අනුව නිදහස් දින විවේකීව සිටි බැසිල් බදාදා (05දා) දින උදේ වරුවේ සිටම එම හමුවීම් සඳහා වේලාවන් වෙන්කර දීමට පියවර ගත්තේය. එසේ ශ්‍රීලනිප මන්ත්‍රිවරුන් හමුවීම සඳහා බැසිල් යොදාගත්තේද බත්තරමුල්ලේ පිහිටි පොහොට්ටුවේ ප්‍රධාන කාර්යාලයය. ඒ අනුව බදාදා උදෑසන සිටම ශ්‍රීලනිපයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම බත්තරමුල්ලේ පොහොට්ටු කාර්යාලයට පැමිණ බැසිල් සමඟ සාකච්ඡා පැවැත්වීමට පියවර ගත් අතර ඔවුන්ගේ එකම අරමුණ වී තිබුණේ එළැඹෙන මහ මැතිවරණයේදී තමන්ට පොහොට්ටුවෙන් තරග වැදීම සඳහා නාමයෝජනා ලබාගැනීම බව දැකගන්නට තිබිණ. එහිදී ඇතැම් මන්ත්‍රිවරුන්ට බැසිල්ගෙන් ඉතා යහපත් ප්‍රතිචාර ලැබී ඇති බවක්ද රාජ්‍ය රහස් තීරයට ආරංචිය. ඒ අනුව ඉදිරි මහ මැතිවරණය ආසන්න වන විට මෛත්‍රිපාලගේ ශ්‍රීලනිපය සමඟ ඉතිරි වනු ඇත්තේ අප පෙර අනාවරණය කළ පරිදිම අතේ ඇඟිලි සංඛ්‍යාවටත් අඩු මන්ත්‍රිවරුන් සංඛ්‍යාවක් වනු ඇත.
මීට අමතරව බදාදා දිනයේදී බැසිල්ගේ අතට එළැඹෙන මහ මැතිවරණය සම්බන්ධයෙන් සිදුකරනු ලැබූ මත විමසුම් කිහිපයක ප්‍රතිඵල ලැබී තිබිණි. ඒ අනුව ප්‍රධාන දේශපාලන පක්ෂ අතර ආසන බෙදී යා හැකි ආකාරය මෙම මත විමසුම හරහා විමර්ශනයට ලක්කර තිබූ අතර, ඒ සියල්ලන්ගෙන්ම පාහේ ඉතා පැහැදිලි ජන වරමක් ආණ්ඩුවට ලබාගත හැකි බව පෙන්වාදී තිබීම විශේෂ සිදුවීමක් විය. එමෙන්ම මැතිවරණය තුළදී ශක්තිමත් කරගත යුතු තැන් කිහිපයක්ම මෙම මත විමසුම මඟින් පෙන්වා දීමටද පියවර ගෙන තිබිණ.
මේ අතරවාරයේ බැසිල් ලංකාවට පැමිණීමට පෙර විශාල ලෙස පැතිර ගිය කටකතාවකින් කියැවුණේ ඉදිරි මහ මැතිවරණයේදී බැසිල් ගම්පහින් තරග කිරීමට සූදානමින් සිටින බවත්, ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදුකර ගැනීම සඳහා බැසිල් ඇමෙරිකාවේ ගිය බවත්ය. එමෙන්ම මෙවර මැතිවරණයේදී තරග කරන ලෙසට බැසිල්ට විශාල වශයෙන් ඉල්ලීම් ලැබී තිබීමද මෙසේ පැතිරගිය කටකතාවලට හේතුවී තිබිණ. නමුත් 19 වැනි සංශෝධනයට අනුව ද්විත්ව පුරවැසිභාවය හිමි අයකුට පාර්ලිමේන්තුවට තරග කළ නොහැකි නිසා මේ වන විට කියැවෙන්නේ ඉදිරි මහ මැතිවරණයෙන් පසුව 19 වැනි සංශෝධනය පිළිබඳව තීන්දුවක් ගැනීමට ආණ්ඩුව සූදානමින් සිටින බවකි. ඉන් පසු 2007දී ජාතික ලැයිස්තුවෙන් පළමුවරට බැසිල් පාර්ලිමේන්තුවට පැමිණි ආකාරයටම පාර්ලිමේන්තුවට පැමිණීමටත්, ඉන් අනතුරුව දිස්ත්‍රික්කයකින් තරග කොට පාර්ලිමේන්තුවට පැමිණීමටත් මේ වන විට රාජපක්ෂවරුන් අතර එකඟතාවක් ඇතිකරගෙන ඇති බවද ආරංචිය.

SendShareShare
Previous Post

ෆොන්සේකා යළි කුමන්ත්‍රණයකද?

Next Post

මහජන්දෙට සජිත් පිල අලියා ‘ලීස්’ කරයි: සදුදා යූ.එන්.පි.යට බැදුම්කර වර්ක්ෂොප් එකක්

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.