බැසිල් රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් කැදවා බත්තරමුල්ලේ පොහෛාට්ටු කාර්යාලයේදී අද (30) දහවල් පවත්වන්නට සූදානම් කර තිබූ සාකච්ජාවක් වහාම අත්හිටුවීමට ජනාධීපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන තිබේ.
මෙම රැස්වීමට සහභාගී වන ලෙස දැනුම්දෙමින් පොහොට්ටු කාර්යාලය මගින් ශ්‍රීලනිප නියෝජිතයන්ට ලිපි යොමු කිරීමක් කර තිබුණේ පසුගිය සතිය ආරම්භයේදීය.
මෙම ලිපි ලැබීමත් සමග ඊයේ (29) දිනයේදී ජනාධීපතිවරයා හා පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර අතර ජනපති මැදුරේදී විශේෂ සාකච්ජාවක් පැවැත්වී තිබේ.
මෙම සාකච්ජාවෙන් පසු දයාසිරි ජයසේකර මහතා ශ්‍රීලනිප මූලස්ථානයට දැනුම් දී ඇත්තේ මෙම සාකච්ජාවට සහභාගී නොවන ලෙසට මන්ත්‍රීවරුන්ට සහ ආසන සංවිධායකවරුන්ට දැනුම් දෙන ලෙසටය.
කෙසේවෙතත් ඊයේ සවස්වරුව වන විට බැසිල් රාජපක්ෂ මහතාටද මෙම තත්ත්වය වාර්තා වී ඇති බව දැනගන්නට ඇත.