බස්නාහිර පළාතේ කොරෝනා රෝගීන් සදහා වෙන් කොට ඇති සියලුම රෝහල්වල ඇඳන් ධාරිතාව සම්පූර්ණ වන ප්‍රමාණයට කොරෝනා රෝගීන් මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය අංශ අනාවරණය කරයි.
ඒ අනුව බස්නාහිර පළාතෙන් හමුවන කොරෝනා රෝගීන් මේ වනවිට පිට පළාත්වල රෝුහල්වලට යොමු කරමින් තිබෙන බව වාර්තා වේ.
එමෙන්ම ඊයේ දිනයේදී කොරෝනා රෝගයෙන් එක් රෝගියකු නිවසේදීම මියගොස් සිටි බවක්ද වාර්තා විය.