මාධ්‍ය හමුවක් පවත්වා සුනඛයෙකු අපයෝජනය කළ බවට තමන්ට අපහාස කළේ යැයි සඳහන් කරමින් සමගි වනිතා බලවේගයේ හිරුණිකා ප්‍රේමචන්ද්‍රගෙන් සහ ආදර්ශා කරඳනගෙන් රුපියල් බිලියන 1.5ක වන්දි ඉල්ලා මහාචාර්ය ආශු මාරසිංහ විසින් එන්නර වාසි යොමු කරනු ලැබ තිබේ.
සිය නීතිඥවරයා මාර්ගයෙන් යොමු කර ඇති අදාළ එන්තරවාසි මගින් මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ, අදාළ මාධ්‍ය සාකච්ඡාවේදී තමන්ට එරෙහිව එල්ල කළ සියලු චෝදනා අසත්‍ය බව ය.
දෙසැ. 23 වන දා පවත්වන ලද එම මාධ්‍ය සාකච්ඡාව මගින් මහ ජනතාව නොමග යැවීමට හා එමගින් අයුතු ආකාරයෙන් මහජන මතයක් මහාචාර්ය ආශු මාරසිංහට එරෙහිව ගොඩ නැගුණු බව ද එහි සඳහන් කර ඇත.
ඒ අනුව, හිරුණිකා ප්‍රේමචන්ද්‍රගෙන් රුපියල් මිලියන 500ක් හා ආදර්ශා කරඳනගෙන් රුපියල් බිලියන 1ක මුදලක් වන්දි ලෙස ඉල්ලා අදාළ එන්තරවාසි යොමු කර තිබේ.










