අද (05) පැවැති කුරුණෑගල රැලියේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සහා පළ කරමින් විශේෂ ප්‍රකාශයක් කිරීමට සජිත් ප්‍රේමදාස මහතා තීන්දු කර තිබුණද ඔහුට හිතවත් මැතිඇමැතිවරුන්ගෙන් එල්ල වූ විශේෂ බලපෑම් හමුවේ එම කතාව නොකිරීමට අවසන් මොහොතේදී ප්‍ර්‍රේමදාස මහතා තීන්දු කොට ඇත.
ඊයේ (04) දිනයේදී වික්‍රමසිංහ මහතා වෙත විශේෂ පණිවුඩයක් එවමින් සජිත් ප්‍රේමදාස මහතා දැනුුුුම් දී තිබුණේ වික්‍රමසිංහ මහතා සමග එක්ව ඉදිරියට ගමන් කරන බවට ප්‍රකාශයක් කුරුණෑගල රැලියේදී සිදු කරන බවකි.
නමුත් මේ බව වාර්තා වීමත් සමග ප්‍රේමදාස පිලේ සාමාජිකයන්‌ගේ දැඩි බලපෑම් මත එම ප්‍රකාශය සිදු කිරීමෙන් වැළකී සිටීමට ප්‍රේමදාස මහතා කටයුතු කොට ඇති බව දැනගන්නට ඇත.