• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බලන්ගොඩ හාමුදුරුවන්ගේ මෙතෙක් හෙළිනොවූ කතා

January 10, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
බලන්ගොඩ හාමුදුරුවන්ගේ මෙතෙක් හෙළිනොවූ කතා
Share on WhatsAppShare on Facebook

මතු බුදුබව පතනා අතිපූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය මහ නාහාමියන් යැයි නම කියූ පමණින් මෙරට පමණක් නොව දේශ දේශාන්තරවල පවා ප්‍රසිද්ධියට පත්ව සිටි භික්ෂුන් වහන්සේ නමකි. උන්වහන්සේ සම්බන්ධයෙන් වන කතා බොහෝය. උන්වහන්සේ ගිහි කාලයේ විලියම් නමිනුත්, පුංචි මහත්තයා යන සුරතල් නාමයෙනුත් හඳුන්වනු ලැබූ අතර, පසුව පැවිදි දිවියට පත්ව මහතා ගෞරවාදයට පත්වූහ. එසේම බුදු දහම අනුව නිරන්තරයෙන් සිත දියුණු කරන අයෙක් සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරහත් මාර්ග පල ලබන බවයි පැවසෙන්නේ. එහෙයින් උන් වහන්සේ එවන් යම් තැනකට පැමිණ සිටි බවටද බොහෝදෙනකු අතර විශ්වාසයක් විය.

එසේම මතු බුදුවන යන හැඳින්වීම සම්බන්ධයෙන් විවිධ අවස්ථාවල ඇතැම් මාධ්‍යවේදීන්, පැවිදි පක්ෂය මෙන්ම වෙනත් පිරිස් විමසීම් කර ඇති අතර, ඒ සෑම විටකම උන්වහන්සේ සිනාමුසුව ඊට පිළිතුරු සපයා ඇත්තේ ‘ඔව් කුඩාකල සිටම මට එහෙම අදහසක් තියෙනවා. ඒත් ඔය කතාව ප්‍රසිද්ධ කරන්න මං කැමති වුණේ නැහැ. කෝ කොයි තරම් කිව්වත් ඕක දාන්න එපා කියලා අහන්නෙ නෑනෙ’ යනුවෙනි.

එසේම උන්වහන්සේ සිය ජීවිතයේ විවිධ අවස්ථාවන් ගැන බොහෝ තැන්වලදී හෙළිදරව් කර ඇති අතර, එවකට මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ සිය ජීවිතයේ කුඩා කාලයේ පටන් තොරතුරු පිළිවෙළින් විස්තර කළේ මෙලෙසිනි.

‘මගේ මෑණියන් ගර්භණීව සිටින කාලයේ පටන් මගේ ලොකු අම්මා මාව ඉල්ලලා තියෙනවා. ඒ දවස්වල ලොකු අම්මා මට කියලා තියෙනවා අපේ මෑණියන් මාව දෙන්න පොරොන්දු වුණේ ලොකු වුණාම මාව මහණ කරනවා කියන පොරොන්දුව ලොකු අම්මාගෙන් අරගෙනලු. ඉතින් ඒ පොරොන්දුව අරගෙන පස්සෙ මං ඉපදුණාම මාව ලොකු අම්මට බාරදීලා තිබුණා. ඊට පස්සෙ මං ඉපදිලා දවස් පහළොවකින් මගේ මව මියගියා.

ඉතින් මං හැදුණේ මගේ පියාගෙ අයියා ළඟ. ඒ කියන්නේ ලොකු තාත්තා ළඟ. එයාගෙ දරුවා හැටියට. ඔහොම ඉන්න කාලේ ළඟ පන්සලට ආවා ගියා බණ දහම් ඉගෙනගත්තා. දහම් පොතපත බැලුවා. ඔහොම කාලය ගෙවද්දි මං මහණ වෙන දවස ආවා. මහණ වෙන දවසට කලින් අපේ තාත්තා කිව්වා ඔක්කොටම කියලා එන්න කියලා. ඉතින් මං ගිහින් හැමෝටම කිව්වා. ඔය කාලේ අපේ කඬේ හිටියා ලියන මහත්තැන් කෙනෙක්. තාත්තා කිව්වා එයාටත් කියලා එන්න කියලා. ඉතින් මං එයාටත් කිවවා මං හෙට මහණ වෙනවා කියලා. එයා ඉතින් මං දිහා රවලා බැලුවා. මිනිහා මාත් එක්ක හරි තරහයි. මොකද ඒ ළඟ පන්සලේදී මට කවටකමක් කරලා මං හොඳ කම්මුල් පාරක් දීලා හිටියේ.

ඉතින් මිනිහා කිව්වා මුදලාලි මෙයා නම් මහණ කරන්න එපා. මහණ කළොත් මගේ කනෙන් කෑල්ලක් කපා ගන්න දෙනවා. අවුරුද්දක් ඉන්නෙ නෑ විහාරෙත් ගිනි තියලා පන්සලේ හාමුදුරුවන්ටත් ගහලා මිනිහා ගෙදර එන්නෙ කියලා. ඒක හින්දා ඔය වැඬේ නම් කරන්න එපා කිව්වා. තාත්තා ඒක ගණන් ගත්තෙ නැහැ. එයාගෙ ආසාවනේ. ඉන්න බැරි නම් ගෙදර එන්නෙ නැතෑ කියලා තාත්තා කිව්වා.

කොහොම හරි ඉතින් 1911 මාර්තු 03 වැනිදා උදේ එළිය වැටෙන්න මිනිත්තු පහකට පෙර බලන්ගොඩ, උඩුමුල්ලේ සිරි නන්දාරාමයේදී මගේ මහණකම සිද්ධ කළා. මං මහණ වුණ පන්සලේ ලොකු හාමුදුරුවෝ හරිම සාන්ත දාන්ත උත්තමයෙක්. උන්වහන්සේ ළඟ අවුරුදු නවයක්ම ඉගෙන ගත්තා. මං කලින් සිටම ඉංග්‍රීසි ඉගෙනගෙන තිබුණා. එතකොට හතේ පන්තිය ඉවරයි. අටට යන්න ලෑස්ති වෙලා හිටියේ. ඉතින් ඔය කාලේ ලොකු හාමුදුරුවෝ විවිධ පොත්පත් විශේෂයෙන් ඉංග්‍රීසි පොත්පත් මට ගෙනැත් දෙනවා. ඒ විදිහට මගේ ඉංග්‍රීසි දැනුම වැඩිදියුණු කරගන්න උන්වහන්සේ අනුබල දුන්නා. මාව උනන්දු කළා.

ඒ කාලේ ලොකු හාමුදුරුවෝ මගේ කේන්දරේ බලලා කිව්වා විවිධ භාෂාවලින් වැඩක් කරන්න පුළුවන්. ඒක නිසා ඒවා දියුණු කරගන්න කියලා. හැබැයි මං පිට කොහේවත් ඉගෙන ගත්තේ නැහැ. ඒ අවුරුදු නවයම පන්සලේ ඉගෙන ගත්තේ. මට පාලි පොතපත එහෙමත් බලන්න කිව්වා. බලනකොට ඕවා පුරුදු වෙයි කිව්වා.

ඔහොම ඉද්දි මගේ වයස 23 වෙද්දි පත්තරේ දැන්වීමක් තිබුණා කුලරත්න මහතා ආනන්ද කොලීජියේ ඉංග්‍රීසි පන්තියකට භික්ෂුන් වහන්සේලා ඇතුළත් කරගන්න විභාගයක් තියනවා කියලා. ලොකු හාමුදුරුවෝ ඒක දැකලා මට කිව්වා මෙන්න මේ විභාගයට යන්න දැන් ඔය ඉගෙන ගත්තා ඇති කියලා. ඉතින් විභාගයට ගියාම මාව තෝරා ගත්තා. ඊට පස්සේ කොළඹ ආනන්ද කොලීජියේ ඉගැන්වීම කරන අතරේ මටයි තව භික්ෂුන් වහන්සේ නමකටයි නාලන්ද විද්‍යාලයට යන්න සිද්ධ වුණා.

ඒ කාලේ ආනන්දෙ ඇතුළේ නතර වෙලා අවුරුදු නවයක් වැඩ කළා. ඔය කාලෙ ලංකා ධර්මදූත සංවිධානය කියලා මගේ සභාපතිත්වයෙන් සංවිධානයක් ආරම්භ කළා. ඒකෙන් කොළඹ වතු ආශ්‍රිතව බණ කියමින් විවිධ වැඩකටයුතු සිදුකළා. ඔය අතරේ කේරලයේ ධර්ම දේශනයකට යන්න මට අවස්ථාව ලැබුණා. මට ඒ ආරාධනය කළේ එහේ හිටිය ශ්‍රී ක්‍රිෂ්ණන් කියන මන්ත්‍රිවරයා. එයා බෞද්ධයෙක්. ඒ තමයි මගේ ප්‍රථම විදෙස් ගමන. ඉතින් එහේ මාසයක් පමණ ධර්ම දේශනා කරමින් කාලය ගතකළා. ඒ කාලේ ක්‍රිෂ්ණමූර්තිතුමාගේ මුල්ම දේශනා සඳහා කටයුතු පිළියෙල වෙන කාලේ. හැබැයි අපි ඒවට හිටියෙ නැහැ. මාසයකින් පමණ ආපසු ආවා.

ඉන් පස්සෙ ටිකෙන් ටික මට පිටරට හා සම්බන්ධතා ඇතිවුණා. ඒත් ඊට පෙර ඒ කියන්නේ මං අපේ පන්සලේ සිටින කාලයේ සිටම එංගලන්තයේ ආයතන සමඟ ලියුම් කියුම් ගනුදෙනු කළා. ඉතින් කොළඹ ආවට පස්සේ ඒවා තවත් වැඩිදියුණු වුණා. ඉන් පස්සෙ ටිකෙන් ටික විදෙස් රටවලට ගියා. ඔය කාලේ මං ඉන්දියාවේ ආරාමයකුත් පටන් ගත්තා. ඉන් පස්සේ විටින් විට මං ඉන්දියාවට ගියා. ඒ කාලේ ක්‍රිෂ්ණමූර්තිතුමා මා සමඟ මිත්‍ර වුණා.

ඉතින් ඔහොම කාලය ගෙවෙද්දි ආනන්ද කොලීජියේ අවුරුදු නවයක ඉගැන්වීම් කාලයක් සම්පූර්ණ වුණා. ඔය කාලෙදිම ආරාධනයක් ආවා බලන්ගොඩ පිරිවෙන පටන් ගන්න යන්න කියලා. පිරිවෙන ආරම්භ කරලා එය දිනෙන් දන දියුණු වුණා. ඔය අතරෙ 1973 දි මට එංගලන්තයට යන්න සිද්ධ වුණා. හැබැයි ඊට පෙර කොළඹ විද්‍යෝදය විශ්වවිද්‍යාලය ආරම්භ කරන්නත් ලෑස්තිය තිබුණා. ඒ වගේම ඔය කාලේම බුරුමයේ සංගායනාවක් පැවැත්වීමට පොත් සුද්ධ කිරීමටත් ලංකාවට භාරදීලා තිබුණා. ඒ මණ්ඩලේටත් මාව ඇතුළත් කරගත්තා. අපි ඒ වැඬේ හොඳින් කරලා පොත් එහාට ඇරියා. ඒ සංගායනාවට මාස 10කට විතර පෙර අපට එහෙ එන්න කියලා ආරාධනා කළා. අපි එහෙ ගියා. එහෙදි අර පොත් සුද්ධ කිරීමේ අවසන් කොමිටියේ සාමාජිකයෙක් විදිහටත් මාව පත්කරගත්තා.

ඉතින් සෝදන කොමිටියේ මාස දහයක් විතර වැඩ කරගෙන ඉද්දි සංගායනාවට කරුණු සම්පූර්ණ වුණා. පසුව සංගායනාවේ පළමු වාරේ ඉවර වුණාම අපි ලංකාවට ආවා. ඔය කාලේ මගේ පුංචි අම්මගේ පුතා මා ළඟ මහණ වෙලා හිටියේ මෛත්‍රී මූර්ති නමින්. උන්වහන්සේට උණ සන්නිපාතය හැදිලා අඩු වයසින් අපවත් වුණා. ඉතින් එය මට මහා ශෝකයක් වුණා. ඒ නිසා මං යළිත් එහේ ගියේ නැහැ.’

කුමාර රත්නායක

SendShareShare
Previous Post

සිරිධම්ම හිමියන්ට මරු කැඳවූ කෝටි පහේ බැංකු ගිණුම: අපයෝජන සිද්ධියකුත් එළියට EXCLUSIVE

Next Post

හකීම්ටත් කොරෝනා: පාර්ලිමේන්තුවම බයවෙයි

MORE NEWS

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.