නව රජයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක තනතුරු 2ක් ඇතිකිරීමට අද (19) පැවැති මුල්ම කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීන්දු කර ඇත.
ඒ අනුව වෛද්‍ය රමේෂ් පතිරණ මහතාත්, උදය ගම්මන්පිල මහතාත් සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ලෙස තනතුරු ලබා ඇත.
මීට පෙර බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළද මෙවර එම වගකීම තමන්ට නොපවරන ලෙස ඒ මහතා අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබිණ.
ඒ අනුව එම තනතුර ගම්මන්පිල මහතාට හිමිව තිබේ.










