මතක ද එදා හැන්දෑව.
ඉර ගෝල්ෆේස් අහසෙන් උගුල්ලලා අරගෙන අතපය කඩලා මුහුදට දාළ වගේ.
අහසෙ තැන් තැවල රතුපාට. මුහුද ලේ පාට වෙලා.
තැන් තැන්වල හැංඟිලා හිටපු අඳුර කොළඹ වට කෙරුවා.මිනිස්සු ඔහේ කාමර අස්සෙ ගාල් වෙලා , ටී. වී ඉස්සරහ බකන් නිලාගෙන හිටපු අන්තිම දවස මේ කතාවට කලින් දවස.
එදා මිනිස්සු පාටක් පක්ෂයක් ජාතියක් වෙනසක් නැතුව එළිය බැස්ස.ඒ ජනාධිපතිගෙ ගේ ඉස්සරහ. මිනිස්සු විධායක බලය එරෙහිව රංචු ගැහුණ අසිරිමත් රාත්‍රිය.අඳුර අස්සෙ අලෝක ධාරා සිය ගාණක් දැල්වුණ වර්ණවත් රාත්‍රිය.
එදා ලෝකෙට ගිය මේ පින්තූරය ඔබට මතක ද? මේ අම්මා ගෙදර තිබුණ වටිනම වස්තුවත් අරගෙන ජුබිලි කණුව හන්දියෙ පොදි ගැහුණ මිනිස්සු අස්සට ආවා.
ඈ මේ පුංචි දූපතේ පුංචි මිනිස්සු වෙනුවෙන් පාරට බැස්සා.කවුරුවත් අදටත් නොදන්නා මේ අම්මයි දරුවයි කවුද? ඔවුන් ඉන්නෙ කොහොද? මේ කාගෙ කවුද?
අපි දන්නෙ නෑ.ඔබ දන්නවා නං කියන්න ඈට අපි ඈටත් ඇගේ පුංචි පැටික්කටත් අප්‍රමාණව ආදරේ කරන බව.
ඈට කියන්න අපි එකතු වෙලා ඇගේ මගේත් ඔබේත් දරු පැටව් වෙනුවෙන් ඇගේ සටන ඉදිරියට ගෙනියමු කියලා.
අරගලයට ජය වේවා!