ඉදිරි මහමැතිවරණයට තරග කරන පොහොට්ටුවේ අපේක්ෂකයෝ අද (11) දින අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවෙසේදී නාමයෝජනා පත්‍රවලට අත්සන් තැබීමට පියවර ගත්හ.
මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ ශ්‍රීලනිපය නියෝජනය කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා මහින්ද අමරවීර මහතා එම අවස්ථාවට සහභාගී වී සිටියත් ඊට අත්සන් නොතැබීමය.
නමුත් ශ්‍රීලනිපය නියෝජනය කරන නිමල් සිරිපාලද සිල්වා මහතා පොහොට්ටුවේ නාමයෝජනාවලට අස්සන් තැබීමට පියවර ගෙන තිබිණි.
මෙම අවස්ථාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පොහොට්ටුවේ හිටපු මන්ත්‍රීවරු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.