කරුණා අම්මාන් යනු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග වදින අපේක්ෂකයකු නොවන බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දෙන්නේ කරුණා අම්මාන් මෙවර දිගාමඩුල්ල දිස්ත්‍රික්කයට තරග වදින්නේ වෙනත් පක්ෂයකින් බවය.
කෙසේවෙතත් කරුණා අම්මාන් ප්‍රකාශ කර තිබුණේ මහින්ද රාජපක්ෂ මහතා මෙවරත් ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඒමට තමන්ට ආරාධනා කළ බවත්, තමන් එම ආරාධනාව ප්‍රතික්ෂේප කොට ජනතා ජන්දයෙන් තේරී පත්ව පාර්ලිමේන්තුවට පැමිණීමට කටයුතු කරන බවත්ය.










