දිගින් දිගටම ශ්රීලනිප මන්ත්රීවරුන් ඉලක්ක කර පොහොට්ටුවේ සාමාජිකයන් කරන හූ තැබීම හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වේදිකාවට නොනැගීමට ශ්රීලනිපය තීන්දු කර ඇත.
ADVERTISEMENT
ඊයේ (01) රාත්රියේදී රැස්වූ ශ්රීලනිප නායකයන් මෙම තීන්දුව ගෙන ඇති අතර වෙනමම කණ්ඩායමක් ලෙස තනිව රැස්වීම් පැවැත්වීමටද එහිදී තීන්දු කර තිබේ.
මේ සදහා ආසන්නතම හේතුව වී තිබෙන්නේ ශ්රීලනිප ජාතික ලයිස්තු මන්ත්රී ශාන්ත බණ්ඩාරට හූ තැබීමය.
මීට පෙර දුමින්ද දිසානායක, ජෝන් සෙනෙවිරත්න, ටී.බී. ඒකනායක, තාරානාත් බස්නායක, ආරියවතී ගලප්පත්ති යන මහත්ම මහත්මීන්ටද ගෝඨාගේ වේදිකාවේදී හූ තබා තිබිණ.