• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොහොට්ටුවෙන් ඇවිත් රනිල්ගේ ගුණ ගයන ‘කොවුලන්’ ගැන පොහොට්ටුවෙන් ප්‍රකාශයක්! සමහර ඇමැතිවරු කතාකරන්නේ නින්දෙන් අවදි වෙලා වගේ!

April 11, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
පොහොට්ටුවෙන් ඇවිත් රනිල්ගේ ගුණ ගයන ‘කොවුලන්’ ගැන පොහොට්ටුවෙන් ප්‍රකාශයක්! සමහර ඇමැතිවරු කතාකරන්නේ නින්දෙන් අවදි වෙලා වගේ!
Share on WhatsAppShare on Facebook

“අපේ සමහර සහෝදර පක්ෂවල නායකයෝ අපේ පක්ෂයෙන්ම ඡන්දය ඉල්ලලා ආණ්ඩුවේ වගකීම් දරණ අය කොවුලෝ වගේ තමයි මේ අවස්ථාවේ හැසිරෙන්නේ. ඒ අය එළියට ඇවිත් කියනවා දෑත් ශක්තිමත් කරනවා, මෙය පෞද්ගලික මතය, හොඳ දෙයක් කරනවානම් සහයෝගය දෙනවා කියලා. හැබැයි ඒ අයට අමතකයි ඒ කොවුල් පැටව් රැක්කේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියලා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඔය හුඟක් දෙනෙකුට 2020 මහ මැතිවරණයේදි ඔවුන්ගේ ජයග්‍රහණය සඳහා පසුබිම සකස් කරලා දුන්නේ. දැන් ඒ පිරිස එළියට ඇවිත් නිදහසේ කොවුල් පැටව් වගේ පියාඹමින් තම මතය ප්‍රකාශ කරමින් යනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ පිරිසට නිදසහසේ පියාඹන්න ඉඩදිලා තිබෙන්නේ අපි ප්‍රජාතන්ත්‍රවාදි බහු පක්ෂ ක්‍රමය ආරක්ෂා කරන, ඒ වගේම ඒ වෙනුවෙන් පෙනි සිටින දේශපාලන ව්‍යාපාරයක් නිසයි. ඒ නිසා අපි දැක්කා සමහර කැබිනට් අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු නින්දෙන් අවදිවෙලා කතා කරන අවස්ථාවන් පහුගිය කාල සීමාවන් තුළ.’ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පැවසීය.

ඒ මහතා මෙසේද කීය.

අපි දේශපාලන ව්‍යාපාරයක් හැටියට පහුගිය අවුරුදු එකහමාර කාලසීමාව තුළ පොදු අභිලාශයන්, පොදු මතවාද සාමුහිකව දරාගන්න පුළුවන් මිනිස්සුන් අපේ පක්ෂ ක්‍රියාකාරීත්වය තුළ අපි හදුනගත්තා. ඒ නිසා තමයි සමහර පිරිස් වෙන පාරවල් හොයාගෙන ගිහිල්ලා අලුත් දේශපාලන ව්‍යාපාර බවට පත්වෙන්න උත්සහ කළේ. ඒ නිසා අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පෙරටත් වඩා ශක්තිමත් දේශපාලන ව්‍යාපාරයක් බවට පත්වෙලා තිබෙනවා. ඊට හේතුව අපිත් එක්ක කටයුතු කරන්නේ මේ පොදු මතවාද ,පොදු අභිලාෂ වෙනුවෙන් පෙනි සිටින පිරිසක් පමණයි. ඒ නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මතවාදය වෙනුවෙන් පෙනි සිටින පිරිසක් පමණයි අපිත් එක්ක කටයුතු කරන්නේ. පෞද්ගලික මතය, මේ මගේ අදහස කියන අය පක්ෂය තුළ රැදි ඉන්නේ නෑ. අපි ඉදිරි මැතිවරණයකට මුහුණ දෙනකොට අපිට පේනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මතවාදය පමණක් පෙනි සිටින පිරිසක් අපිට මැතිවරණය ජයග්‍රහනය වෙනුවෙන් ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබෙනවා. අපි ප්‍රජාතන්ත්‍රවාදය, බහුපක්ෂ ක්‍රමය පමණක් නොවේ මේ රටේ මහජනතාවගේ ආර්ථික නිදහස වෙනුවෙන් පෙනි සිටින පක්ෂයක්. අපි කිසිදු පක්ෂයක කිසිදු කණ්ඩායමක මතය නොවේ නියෝජනය කරන්නේ අපේම මතයයි. අපේ මතය ඉතා පැහැදිලියි.

අපි දැක්කා 1956 ස්වභාෂා රැල්ල ආවා. එය ලොකු රැල්ලක්. පංචමහා බලවේගයකට එකතුවෙලා මේ රටේ දේශපාලන ව්‍යාපාරය උඩු යටිකුරු කළා. මෙය අවුරුදු 10 විතර ඉස්සරහට ක්‍රියාත්මක වූණා. 1965 දස වසරක සාපය කියලා රැලල්ක් ද 1970 ජනරජ රැල්ලක් ඇතිවුණා. ඉන්පසු 1994 විහාරමහා දේවී රැල්ලක් හදනවා. චන්ද්‍රිකා බණ්ඩාරණායක මැතිණියගේ ඡායාරූපයක් දාලා. 2005, 2010 කාලසීමාව තුළ ජාතිකවාදි නැඹුරුවක් තියෙන දේශපාලන ව්‍යාපාරයක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මූලිකත්වයෙන් රට තුළ ගොඩනැගුණා. ඉන්පසු 2015 එය හොඳ නැ කියලා අපි යහපාලනයක් කරන්න ඕන කියලා අලුත් දේශපාලන මතදාරාවක් එළියට ගත්තා. අපි දැක්කා යහපාලනේ ප්‍රතිඵලය. එයින් රටේ ආර්ථිකය හොඳටම කඩා වැටුණා. ඉන්පසු 2019 අපි දැක්කා සුරක්ෂිතතාවය සඳහා වන රැල්ලක් ගොඩනගන්න ඕන කියලා. මම මේ කතා කරපු හැම රැල්ලක්ම ධනාත්මක රැළි. කුමක් හෝ දෙයක් කරන්නයි මේ රැළි මඟින් මේ දේශපාලන ව්‍යාපාර උත්සහ කළේ. හැබැයි මීට අවුරුද්දකට එකාහාමාරකට ඉස්සරවෙලා ජනතා විමුක්ති පෙරමුණ, සමඟි ජනබලවේගය යන මේ සියලුදෙනා එකතුවෙලා කෘතිම රැල්ලක් නිර්මාණය කළා. ඒ රැල්ල පෙර සඳහන් කළ රැළි මෙන් ධනාත්මක රැළි නොවේ. මෙය වෛරී දේශපාලනය ප්‍රකාශ කරන රැල්ලක්. පෙර සඳහන් කළ රැළි හැම එකකටම වැඩපිළිවෙළක් තිබුණා. මේ අලුතින් හදපු රැල්ලට අලුත් නමක් දුන්නා අරගලය කියලා. ඒ අරගලය මඟින් එදා පැවති පීඩණය පාවිච්චි කළා. ඒ නිසා අපිට පේනවා ඒ රැල්ල කිසියම් කෘතිම එකක් බව. ගෑස් නෑ, විදුලිබල කප්පාදුවක් තිබෙනවා කියලා එය පාවිච්චි කළේ. එය ගෝඨා ගෝ හෝම් කියලා පටන් අරගෙන රාජ්‍ය අස්ථාවර කරන තැනට අරගෙන ගියා. මේ රැළි හදපු පිරිස මේ රැල්ල හැදුවේ රටේ ආර්ථිකය අකර්මන්‍ය කරලා. මෙය පටන්ගත්තේ 2018. විදේශගත ශ්‍රමිකයන්ට කිව්වා මුදල් එවන්න එපා මේ පිරිස හොරකම් කරනවා කියලා. එයින් රටට බිලියන 06 ක් විතර ආදායම් ලැබෙන්න පුළුවන්කම තිබුණු විදේශගත ශ්‍රමිකයන් එවන මුදල් ඒ ප්‍රවාහය නතර කෙරුවා. යාන්තම් රට ඔලුව උස්සගෙන එනකොට මහා පාරේ කැරළි ගහලා සංචාරක ව්‍යාපාරය නැවතවාරයක් තිබුණු තැනට තල්ලු කෙරුවා. කර්මාන්ත ශාලාවල වැඩවර්ජන, ගුරුවරු මහා පාරට බැස්සුවා. මේ තමයි ආර්ථික අස්ථාවර කිරීම සඳහා අනුගමනය කළ ක්‍රියාමාර්ග. පහුගිය කාලසීමාව තුළ මේ රටේ ජනජිවිතය විශලා අවිනිශ්චිතාවයකට මේ පිරිස තල්ලු කරගෙන ගියා. ඊට පස්සේ මිනිස්සු තුළ නිතිය සහ සමාජය පිළිබඳ තිබෙන විශ්වාසය මුළුමනින්ම බිඳවැටුණා. සමස්ථ සමාජ ජිවිතයම අඩාල කළා. මේ රැල්ල හැදුවේ ඒවා මත. මේ රැළිවල තිබුණේ නෑ විසදුම් හොයන ක්‍රමවේදයක්. ඒ නිසා ඔය හදපු රැළි නැතිවුණේ ඒ රැළි හදන්න ඇති කරලා තිබුණු පසුබිම කෘතීම නිසයි. එය දැන් නෑ. දැන් නැවතවාරයක් මිනිස්සු විශ්වාස කරනවා මේ කල්ලි කණ්ඩායම්වලට රටක් කරන්න පුළුවන්කමක් නෑ කියලා. මේ කල්ලි කණ්ඩායම්වලට පුළුවන්කම තියෙන්නේ අවිශ්චිතතාවයන් උත්පාදනය කරලා ඒ මත තමන්ගේ දේශපාලන ව්‍යාපාර පවත්වාගෙන යන්න පමණයි. අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපි ඒ වගේ රැළි හදන්නේ නෑ. අපි ප්‍රජාතන්ත්‍රවාදය ඉහළින් ගරු කරන දේශපාලන පක්ෂයක්.

අපිට පේනවා අද තත්වය කිසියම් යහපත් ආකාරයකට පරිවර්තනය වෙමින් පවතිනවා. විදුලිබල කප්පාදුවක් නෑ. ගෑස් සැපයුම ස්ථාවරයි. පොළිම් නැ. අතරමැදි වෙළඳපොලක් නෑ. භාණ්ඩවල මිලත් අඩුවෙමින් පවතිනවා. හැබැයි මේ තියෙන සේරම ප්‍රශ්නවලට පිළිතුරු ලැබිලා නෑ. විශාල පිරිස් සේවා ව්‍යුක්තයි. තව පිරිසක් ඌන සේවා නියුක්තයි. විභාග පස්සට ගිහිල්ලා. තවම මිනිස්සු පාරට බහින එක නතර වෙලා නෑ. ඒ නිසා අපි අත්පත් කරගත්ත ජයග්‍රහණ ස්ථාවර කරන්න අවශ්‍ය වැඩපිළිවෙලකට අපි අවතීරණ වෙන්න ඕන. අපි විශ්වාස කරනවා ජනාධිපතිතුමාට රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ අධිෂ්ඨාණය තිබුණා. එතුමා ඒ වෙනුවෙන් කටයුතු කළා. අපිට තිබෙන ප්‍රශ්න බොහෝමයක් තවම විසඳාගත යුතුව තිබෙනවා. ඒ නිසා අපි මේ අවස්ථාවේ කවුද ජනාධිපති අපේක්ෂකයා කරලා මේ ප්‍රශ්නය විසඳගන්නවා කියන තැනට තල්ලු වෙන්න ඕන නෑ. එයට කාලය තිබෙනවා. අපි හොඳ වැඩපිළිවෙලක් මිනිස්සුන්ට ඉදිරිපත් කරන්න ඕන මේ රටේ තිබෙන සියලුම ප්‍රශ්න විසඳාගන්න පුළුවන් ක්‍රමවේදයක්. මා විශ්වාස කරනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පමණයි එවැනි වැඩපිළිවෙළක් මේ රටට ඉදිරිපත් කරන්න පුළුවන්කම තිබෙන්නේ. අපි ඒ වෙනුවෙන් මේ දවස්වල ගම් නියම්ගම් වලට ගිහිල්ලා මේ රටේ හැබෑ මිනිස්සු හමුවෙලා ඒ මිනිස්සු සමඟ කතා කරනවා. අපි අපේ දේශපාලන ව්‍යාපාරය ශක්තිමත් කරනවා. එළඹෙන සිංහල අලුත් අවුරුද්ද පහුවෙනකොට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශක්තිමත් වැඩපිළිවෙළක් සහිතව මේ රටේ මහජනතාව වෙනුවෙන් පෙනි සිටින්න පුළුවන් ශක්තිමත් නායකයෙක් ඒ දේශපාලන ව්‍යාපාරයට නායකත්වය දෙන්න සූදානම් බව කියා සිටිනවා.”යනුවෙන් මෙහිදි සඳහන් කළේ ය.

SendShareShare
Previous Post

පෙරට එන්න අපි සූදානම්! රාජ්‍ය ආයතන විකිණිල්ලට එරෙහිව මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමියෝ පෙරමුණ ගනිති! VIDEO

Next Post

ලංකාවේ රිලවුන්ට චීනයෙන් ඉහළ ඉල්ලුමක්! ලක්ෂයක් චීනෙට පටවන්න සූදානම් ‌වෙයි!

MORE NEWS

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය සහ නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කරන ලෙස බල කරමින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ උදෙසා වූ ජනතා ව්‍යාපාරය සංවිධානය කළ මහජන...

Read more
භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.