පොලිස් දෙපාර්තමේන්තුවේ සිටින ‘කළු පුතා’ සහ ‘සුදු පුතා’ යනුවෙන් නිලධාරීන් අතර ප්‍රසිද්ධ නිලධාරීන් දෙදෙනෙකුගේ ක්‍රියාකලාපය හේතුකොට ගෙන මේ වනවිට පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළේ අර්බූදයක් නිර්මාණය වී ඇති බව පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.
මෙම නිලධාරීන් දෙදෙනා පොලිසියේ ඉහළම නිලධාරීන්ට පවා බලපෑම් එල්ල කරමින් සිටීම මේ සදහා හේතු වී ඇති බව දැනගන්නට ඇත.
මේ සම්බන්ධයෙන් මේ වනවිට ජනාධිපතිවරයාට, අගමැතිවරයාට සහ පොලිසිය භාර අමාත්‍යවරයාටද පැමිණිලි ඉදිරිපත් වී ඇති බවද වාර්තා වේ.








