• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොලිස් ‘නාකොටික්’ එකේ රෙදි ගැලවුණේ ඩුබායි මොරිල් ගහපු ගේමකින්ද?

July 5, 2020
in Exclusive
Reading Time: 1 min read
A A
පොලිස් ‘නාකොටික්’ එකේ රෙදි ගැලවුණේ ඩුබායි මොරිල් ගහපු ගේමකින්ද?

Sri Lankan police personnel prepare seized cocaine to be destroyed under judicial supervision in Katunayake on January 15, 2018. Around a tonne of the narcotics has been seized over the past year while in transit via Colombo. / AFP PHOTO / LAKRUWAN WANNIARACHCHI (Photo credit should read LAKRUWAN WANNIARACHCHI/AFP/Getty Images)

Share on WhatsAppShare on Facebook

පසුගිය කාලය පුරාවටම පාතාල ක්‍රියාකාරකම් හා මත්කඩු සම්බන්ධ වැටලීම් විශාල වශයෙන් සිදුවන ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒත් සමඟම ඒහා සම්බන්ධ වැටලීම් වැඩිවන්නට වූ අතර ඒවාට සම්බන්ධ පුද්ගලයන් රාශියක්ද අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශවලට හැකි විය. මේ වැටලීම් සම්බන්ධයෙන් සුවිශේෂී වැඩ කොටසක් ඉටු කළේ පොලිස් විශේෂ කාර්ය බළකායය. ඔවුන් මත්කුඩු අත්අඩංගුවට ගත්තේ තොග වශයෙන්ය. පොලිස් විශේෂ කාර්ය බළකායට අමතරව නාවික හමුදාව මෙම වැටලීම් සඳහා සම්බන්ධ වන්නේ මුහුදු මාර්ගයෙන් ලංකාවට මෙම මත්කුඩු ලැබෙන බව අනාවරණය වීමත් සමඟය.
මෙසේ නාවික හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බළකාය තරගයට මෙන් කරන වැටලීම්වලින් කුඩු අත්අඩංගුවට ගන්නේ කිලෝ ගණනින්ය. වෙනත් වසරවල මෙසේ අත්අඩංගුවට ගැනීම්වලින් වසරට සොයා ගන්නා කුඩු ප්‍රමාණය කිලෝ සියයක්, එකසිය පනහක් වුවත් මෙම වැටලීම්වල ප්‍රතිඵලයක් විදිහට කුඩු කිලෝ දහස් ගණන් ආරක්ෂක අංශ භාරයට පත්වන්නේය. ඒත් මෙහිදී දක්නට ලැබෙන විශේෂම කාරණය වන්නේ කොපමණ කුඩු ප්‍රමාණයක් අත්අඩංගුවට ගත්තත් වෙළඳපොළේ කිසිදු කුඩු හිඟයක් දක්නට නොලැබීමය. මේ ආකාරයටම 2002 සිදුකළ විශාල මත්කුඩු අත්අඩංගුවට ගැනීම්වලින් විශාල කුඩු හිඟයක් ඇතිවී මත්ලෝලීන් විශාල වශයෙන් පිස්සු නටන ආකාරයක් දැකගන්නට හැකි වුණත් මේ අවස්ථාවේ එවැනි දෙයක් දැකගත හැකි වන්නේ නැත. වෙනදාට රුපියල් දහසක් පමණ වන කුඩු පැකට් එකක මිල රුපියල් 250ක් වැනි මුදලට ලබාගත හැකි පරිදි කුඩු සුලබ වන ආකාරයකුත් මේ අවස්ථාවේ දැකගන්නට ලැබේ. කෙතරම් වැටලීම් සිදුවුවත් කිසිදු හිඟයකින් තොරව මත්කුඩු සමාජය තුළ සංසරණය වන ආකාරයක් මෙයින් පෙනීයයි.
මේ සම්බන්ධයෙන් ‘මව්රට’ පුවත්පත පසුගිය දිනක සුවිශේෂී අනාවරණයක් කරමින් පෙන්වා දුන්නේ නාවික හමුදාව මුහුදේදී අත්අඩංගුවට ගත් මත් කුඩු ප්‍රමාණයකින් කොටසක් අතුරුදන් වී ඇති බවත්, මෙසේ සමාජය තුළ කුඩු හිඟයකින් තොරව පැවතීම එයට හේතුවක් විය හැකි බවත්ය.
ඒ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවා එම වකවානුවේදී සිදුවනු දැකගන්නට ලැබුණු අතර, එහි චෝදනාව එල්ලවූයේ නාවික හමුදාවට පමණක් නොව අත්අඩංගුවට ගැනීම් සඳහා සහභාගි වන සියලුම ආරක්ෂක අංශ වෙතය. ඒ අනුව බොහෝ දෙනාගේ සැකයට යොමුවී තිබුණේ මෙසේ අත්අඩංගුවට ගන්නා මත්කුඩු නැවැත ජාවාරම්කරුවන්ගේ අතට පත්වනවාද යන්නය. මේ පිළිබඳ කළ විමර්ශනවලදී පෙනීයන්නේ අප පසුගිය කාලයේ හෙළිදරව් කළ පරිදි වැටලීම්වලින් සොයාගත් කුඩු කිලෝ සියයකට ආසන්න ප්‍රමාණයක් නැවැතත් ජාවාරම්කරුවන් අතට පත්වී ඒවා නැවැත වෙළෙඳපොළට පැමිණ ඇති බවකි. එයින් නොනැවතී එම නිලධාරීන් හරහා මෙම මත්කුඩු ප්‍රවාහනයද ජයටම සිදුවී ඇති ආකාරයක් එම පරීක්ෂණවලින් හෙළිදරව් වී තිබේ. එහිදී හෙළිවූ තොරතුරුවලින් තවදුරටත් අනාවරණය වී ඇත්තේ මෙම ජාවාරම් සඳහා සහාය වී ඇත්තේ ශ්‍රී ලංකාවේ මත්කුඩු වැටලීම් සඳහා පිහිටුවා තිබෙන ප්‍රධාන ආයතනය වන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් බවයි. නමුත් මෙහිදී දකින්නට ලැබෙන සුවිශේෂී කාරණය වන්නේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් සිදු කරගෙන ගිය මෙම ජාවාරම් හෙළි කර ගන්නේත් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් වීමය.
කීර්තිමත් ඉතිහාසයකට හිමිකම් කියන පොලිස් මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය සැලකෙන්නේ ශ්‍රී ලංකා පොලිසිය සතුව ඇති ප්‍රධානම මත්ද්‍රව්‍ය වැටලිම් ඒකකය ලෙසය. 1973 අප්‍රේල් 01 වැනිදා පිහිටුවන මෙම පොලිස් මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය ප්‍රධාන අරමුණ වන්නේ එවක විදේශිකයන් හරහා සුළු වශයෙන් මෙරටට පැමිණෙන මත්ද්‍රව්‍ය සම්බන්ධ වැටලීම් සිදුකිරීමය. එවක සංචාරක කර්මාන්තය ආශ්‍රිතව පැතිරී යන මත් වසංගතය මැඩලීම සඳහා කුඩාවට පිහිටුවන මෙම ඒකකය මේ විට ශ්‍රී ලංකාවට විශාල කීර්තියක් ගෙන දීමට සමත් ඒකකයට බවට පත්ව තිබේ. ආසියානු කලාපයේ සිදුවන මත්ද්‍රව්‍ය වැටලීම් සම්බන්ධයෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටුකරන මෙම පොලිස් මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය සැලකෙන්නේ මෙම කලාපය තුළ ස්ථාපිත හොඳම මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය ලෙසටය. කලාපයේම මෙවැනි ස්ථානයක් හිමිකරගෙන ඇති පොලිස් මත්ද්‍රව්‍ය ඒකකය මේ වන විට පත්ව ඇති තත්ත්වය ඉතාමත් ශෝචනීයය.
පසුගිය ජුනි එකොළොස් වැනි දින මිනුවන්ගොඩ පොලීසියට වාහනයකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට තොරතුරක් ලැබෙන්නේය. ඒ අනුව ක්‍රියාත්මක වන මිනුවන්ගොඩ පොලිසිය සිදුකරන වැටලීමකදී පුද්ගලයකු අත්අඩංගුවට ගන්නේය. ‘ටයිල් චමින්ද’ යනුවෙන් හැඳින්වෙන මෙම පුද්ගලයා අත්අඩංගුවට පත්වන්නේ හෙරොයින් ග්‍රෑම් 5ක්ද සමඟය. මත්ද්‍රව්‍ය වැටලීම් සම්බන්ධ සිද්ධියකදී සාමාන්‍යයෙන් සිදුවන්නේ එම අත්අඩංගුවට ගැනීම පිළිබඳව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය දැනුවත් කිරීමය. මිනුවන්ගොඩ පොලිසියේ එස්.එස්.පී. ටයිල් චමින්ද නමැත්තෙකු හෙරොයින් සමඟ අත්අඩංගුවේ පසුවන බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය දැනුවත් කරන්නේ ඒ අනුවය. එවක මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති සජිව මැදවත්ත මහතාගේ අනුදැනුම මත විශේෂ විමර්ශනයක් ආරම්භ වන්නේ ඒ අනුවය. ඒ වන විට සජීව මැදවත්ත මහතා යටතේ සිටි විශ්වාසවන්තම උප පොලිස් පරීක්ෂකවරයෙක් වන උදාර නමැති නිලධාරියා යටතේ මෙම විමර්ශනය ආරම්භ වන්නේය. උදාර ඇතුළු මෙම පරීක්ෂණ සඳහා සහභාගි වන පොලිස් කණ්ඩායම සැලකෙන්නේ කාලයක් පුරාව මත්ද්‍රව්‍ය සම්බන්ධ විශාල වැටලීම් ප්‍රමාණය සිදුකළ කණ්ඩායමක් ලෙසය. ඒ අනුව ඔවුන් සිදුකරන විමර්ශනවලදී පෙනී යන්නේ මෙම ටයිල් චමින්ද නමැති පුද්ගලයා පොලිස් පොතේ සටහන් නොකරන නීත්‍යානුකූල නොවන ආකාරයෙන් රඳවා තබා ගනිමින් මිනුවන්ගොඩ පොලිසිය පරීක්ෂණ කරගෙන යන ආකාරයක්ය. නැවැත මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත පැමිණෙන උදාර මිනුවන්ගොඩ පොලිසිය විසින් නීත්‍යානුකූල නොවන ආකාරයෙන් චයිල් චමින්ද නමැත්තා රඳවාගෙන ඇති බවත්, ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී කිසිදු වැදගත් තොරතුරක් සොයාගැනීමට නොහැකි වූ බවත් පොලිස් පොත්වල සටහන් තබා තිබේ.
ඔය අතර ටයිල් චමිල්ද නමැති පුද්ගලයා සම්බන්ධයෙන් විමර්ශනයක් කරගෙන යන ගම්පහ පොලිස් කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික ද සිල්වා පොලිස් මත්ද්‍රව්‍ය ඒකකය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට මේ පුද්ගලයාගේ බැංකු ගිණුම් පිළිබඳ විස්තරයක් හෙළිකරන්නේ ඔය අතරවාරයේය. ඔහුගේ ගිණුමට මාසිකව මිලියන දහයකට අධික මුදලක් වැටෙන බවත්, ඉන් පසු එම මුදල් එක් එක් අවස්ථාවලදී නැවැතත් ගිණුමෙන් ලබාගෙන ඇති ආකාරයත් එහිදී ඔවුන්ට මත්ද්‍රව්‍ය ඒකකය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම් දෙන තොරතුරුවල සඳහන් වේ. මෙම මුදල් ඔහුට ලැබෙන ආකාරය සහ ඔහුගෙන් මුදල් නැවැත පිටවන ආකාරය පිළිබඳව විශාල සැකයක් මතුවන බවත් එහිදී එම විමර්ශන කණ්ඩායම වැඩිදුරටත් දැනුම් දීමක් කරනු ලබයි.
ඒ අනුව මත්ද්‍රව්‍ය කාර්යංශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ඒ සම්බන්ධයෙන් විමර්ශනය සඳහා තමන් යටතේ සිටින ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන්ගෙන් සමන්විත කණ්ඩායමක් යෙදවීමට පියවර ගනී. ඔවුන් ටයිල් චමින්දගෙන් කරන ප්‍රශ්න කිරීම්වලින් අනාවරණය වන්නේ ආරක්ෂක අංශයට සම්බන්ධ පිරිසක් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලයක් හා සම්බන්ධතා පවත්වමින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම් කටයුතුවල යෙදෙන බවකි. මෙම පොලිස් පරීක්ෂණ කණ්ඩායම එම තොරතුරු මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයා දැනුවත් කිරීමෙන් පසු ඔහුගේ නියෝග මත මේ පිළිබඳව තවදුරටත් විමර්ශනය සිදුකරයි. ඒ අනුව සිදුකරගෙන විමර්ශනවලින් හෙළිකරගත් තොරතුරු අනුව යමින් මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් මත්කුඩු කිලෝ පහමාරක් සමඟ තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට ඔවුන්ට හැකිවේ. ඔහුගෙන් කරගෙන යන ප්‍රශ්න කිරීම්වලදී එම පොලිස් කණ්ඩායම ඉතාමත් වැදගත් තොරතුරක් අනාවරණය කරගනු ලබයි. එයින් කියවෙන්නේ මෙම කුඩු බෙදාහැරීමේ ජාලය හා සම්බන්ධ මත්ද්‍රව්‍ය කාර්යංශයේ උප පොලිස් පරීක්ෂකවරයෙක් සම්බන්ධ බවකි. ඔවුන් වැඩිදුරටත් කරගෙන ගිය එම විමර්ශනවලින් මිනුවන්ගොඩ පදිංචි මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂක උදාර ඇතුළු කණ්ඩායමක් කුඩු බෙදාහැරීම සඳහා සම්බන්ධ බවට හෙළිවෙයි.
පසුගිය 16 වැනිදා සිදුකරගත් එම අනාවරණයත් සමග පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති මේ තොරතුරු වැඩබලන පොලිස්පතිට දැනුම් දෙනු ලබයි. පොලිස්පතිගේ නිර්දේශ මත ක්‍රියාත්මක වන වැඩිදුර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වන්නේ දුරකතන සන්නිවේදන සංඥා, හා සී.සී.ටී.වී. දර්ශන ඔස්සේය. ඒ අනුව ඔවුන් කුලී පදනම මත ලබාගත් කාර් රථයක් උපයෝගි කරගෙන උදාර ඇතුළු කණ්ඩායම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කර ඇති බව හෙළිකර ගනී.
මේ සියලු තොරතුරු අනාවරණය වීමත් සමග පොලිස්පතිවරයා මෙම සිද්ධියට අදාළ තොරතුරු වැඩිදුර විමර්ශනය සඳහා සී.අයි.ඩී.යට බාරදේ. ඒ අනුව සී.අයි.ඩී.ය විමර්ශන කටයුතු සහකාර පොලිස් අධිකාරීවරයෙක් යටතේ ක්‍රියාත්මක වන පොලිස් කණ්ඩායමක් යටතට පවරනු ලබයි. එයින් හෙළිකරගත් තොරතුරු අනුව පොලිස් පරීක්ෂක උදාර ඇතුළු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් හතරදෙනකු පිළිබඳ තොරතුරු අනාවරණය වේ. එම අනාවරණය වූ තොරතුරු අනුව යමින් උදාර ඇතුළු කණ්ඩායමේ හතරදෙනක් සී.අයි.ඩී.ය විසින් අත්අඩංගුවට ගනු ලබයි. ඒත් සමඟම මෙම ජාවාරම සඳහා සම්බන්ධ වූ බව කියන තවත් පොලිස් පරීක්ෂකවරයෙක් අතුරුදන් වී ඇති බවට වැඩිදුර තොරතුරු හෙළිවේ. මෙහිදී විමර්ශන කණ්ඩායමට මෙම සිද්ධියට අදාළව සැකපිට කරන්දෙණෙිය ප්‍රදේශයේ තවත් සිවිල් පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට හැකිවේ. මෙම අත්අඩංගුවට ගත් පිරිස අතර උප පොලිස් පරීක්ෂක උදාර මිනුවන්ගොඩ පදිංචිකරුවෙක් වන අතර, සාජන්වරුන් දෙදෙනාගෙන් එක්කෙනෙක් මහව හා කරන්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. කොස්තාපල් පානදුරේ පදිංචි පුද්ගලයෙකි. මෙහිදී වැඩිදුරටත් අනාවරණය වෙන්නේ කරන්දෙණියේදී අත්අඩංගුවට ගත් සිවිල් පුද්ගලයා කරන්දෙණිය ප්‍රදේශයේ පදිංචි සාජන්වරයාගේ මස්සිනා කෙනෙක් බවයි.
මේ අතර අතුරුන්දන්ව සිටින පොලිස් පරීක්ෂකවරයාට පසුගිය කාලයේ ලද තොරතුරුකින් කියැවෙන්නේ මුහුදු මාර්ගයෙන් විශාල කුඩු තොගයක් ලංකාවට ඇතුළු වන බවකි. ඒ අනුව මෙම පොලිස් පරීක්ෂකවරයා මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ දැනුවත් කරනු ලබයි. ඉන් පසුව මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා මේ පිළිබඳ පොලිස්පතිවරයා දැනුවත් කිරීමෙන් පසුව කුඩු තොගය අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක් දියත් කිරීමට සැලැසුම් සකස් කරයි. ජාවාරම්කරුවන් ලෙස වෙස්වලාගෙන මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට කරන මෙම සැලැසුම දියත් කරන්නේ ධීවර බෝට්ටුවක් කුලියට ගැනීමෙනි. මෙම ධීවර බෝට්ටුව කුලියට ගැනීම සඳහා වැයවන මුදල ලක්ෂ 10ක් වන අතර, එම මුදල මත්ද්‍රව්‍ය කාර්යංශයෙන් සපයා දී තිබේ. එහිදී දැකගන්නට ලැබෙන විශේෂම කාරණය වන්නේ එතරම් මුදලක් මෙහෙයුමක් සඳහා යෙදවීමේ තිබෙන අවදානම මත පොලිස් පරීක්ෂකවරයා හරහා ලක්ෂ දහයක මුදල ලබාදෙන්නේ ඔත්තුව දුන් පුද්ගලයා වීමය. ආරක්ෂක අංශයේ ඉහළම නිලධාරීන් දැනුවත්ව සිදුවන මෙම මෙහෙයුම සඳහා තංගල්ල, දික්වැල්ල ධීවර වරායෙන් බෝට්ටුව පිටත් වන අතර එසේ මෙහෙයුම දියත් කරන මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් දකුණු මුහුදු තීරයට ආ ඉරාන බෝට්ටුවකින් මත්ද්‍රව්‍ය බලපිටිය මුහුදු තීරයෙන් ගොඩබිමට ගෙන එනු ලබයි.
මෙසේ මත්ද්‍රව්‍ය කාර්යාංශය බාරගන්නා කුඩු තොගයේ කිලෝ එකකට මදක් වැඩි වශයෙන් අසුරා තිබූ කුඩු කිලෝ තුන්සියයකට අධික ප්‍රමාණයක් තිබූ බව සඳහන් වේ. නමුත් බලපිටියට පැමිණි බෝට්ටුව පරීක්ෂා කරන මත්ද්‍රව්‍ය කාර්යාශයේ ඉහළ නිලධාරීන්ට දැකගත හැකි වන්නේ කිලෝ දෙසියකයට මදක් වැඩි මත්කුඩු ප්‍රමාණයක් පමණි. එම තොගය පරීක්ෂා කිරීමේදී එම පැකට් කරන ලද මත්කුඩු පැකට් දෙසීය තුළ කුඩු කිලෝග්‍රෑම් 225ක් පමණ ඇති බව තහවුරුවේ. මෙහිදී කුඩු කිලෝ සියයකට අධික ප්‍රමාණයක් අතුරුදන් වී ඇති බව මෙහෙයුමට සහභාගි නොවන කිසි කෙනෙක් දැනගෙන සිටියේ නැත. ඉන්පසු මෙම කුඩු තොගය මෙහෙයුමේම කොටසක් ලෙස ජාවාරම්කරුවන්ට භාරදීමට යන මුවාවෙන් හලාවත ප්‍රදේශයේ තැන් තැන්වල සති තුනක පමණ කාලයක් සඟවා තබා තිබේ. මෙම ජාවාරම්කරුවන් කොටුකර ගැනීමට උපක්‍රම යොදන මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය උපක්‍රමයක් භාවිතා කරමින් මෙම මත්ද්‍රව්‍ය තොගය හාල් ගෝනි වල බහා ප්‍රවාහනය කිරීමට සැලැසුම් කරනු ලබයි. හාල් ගෝනි පන්සියයක් අඩංගු ලොරියක හාල් ගෝනි දෙසියක් තුළ මෙම මත්ද්‍රව්‍ය පැකට් සඟවා ප්‍රවාහනය කිරීමට මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය කටයුතු කරන්නේ ඒ අනුවය. මේ සඳහා යන සියලු වියදම් දරන්නේ ඔත්තුව ලබාදුන් පුද්ගලයාය. ඉන්පසුව මහබාගේ ප්‍රදේශයේදී කරන වැටලීමකදී මත්කුඩු බෙදාහරිමින් සිටි ලොරියක තිබූ මත්ද්‍රව්‍ය කිලෝ 225ක් අත්අඩංගුවට ගත් බව මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මාධ්‍යයට නිවේදනය කරනු ලබයි. එයින් නොනවතින මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මාධ්‍ය සන්දර්ශනයක් පවත්වමින් කියා සිටින්නේ මෙම මත්කුඩු තොගය කොස්ගොඩ තාරකට අයත් බවයි. නමුත් ඒ වෙනකොට කොස්ගොඩ තාරක මහා පරිමාණ හෝ සුළු පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙක් ලෙස එළියට ඇවිත් තිබුණෙ නැත. ඔහු ප්‍රසිද්ධ වී තිබුණේ මංකොල්ලකාරයෙක් ලෙසටය. මාතර නිලේකා ජුවලර්ස් ආයතනය මංකොල්ලකෑමට යෑමේදී පොලිසිය සමඟ ඇතිවූ ගැටුමකින් තුවාල ලැබීම හේතුවෙන් කොස්ගොඩ තාරකට බන්ධනාගාරගත වීමට සිදුවිය. ඔහුට උදව් කළ පුද්ගලයෙක් ලෙස ගිහාන් ෆොන්සේකා සැලකේ. ඔහු මේ සම්බන්ධයෙන් ඇප ලබා මේ වන විට ඩුබායිහි පදිංචිව සිටින බවට තොරතුරු වාර්තා වී ඇත. ඒ තොරතුරු අනුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ප්‍රකාශ කරන්නේ මෙසේ අත්අඩංගුවට ගන්නේ ගිහාන් ෆොන්සේකා ඩුබායිහි සිට කොස්ගොඩ තාරකට එවූ මත්කුඩු බවයි. කෙසේ වෙතත් බොහෝදෙනා දන්නා කාරණයක් වන්නේ ගිහාන් ෆොන්සේකාට එවැනි දෙයක් කිරීමට තරම් හැකියාවක් නොමැති බවකි.
ඒ අතර සී.අයි.ඩී.ය අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂක උදාර ඇතුළු කණ්ඩායම හරහා කරගෙන යන පරීක්ෂණවලදී අනාවරණය වන්නේ මුහුදේදී කරන ලද වැටලීමෙන් අතුරුදන් වන කිලෝ සීයකට ආසන්න මත්කුඩු ප්‍රමාණය සඟවා ඇත්තේ මහව පදිංචි පොලිස් පරීක්ෂකවරයා නිතර ආගිය තැනක බවය. ඔහුගෙන් වැඩිදුර කරගෙන යන ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වන්නේ එම අතුරුදන් වූ කුඩු ප්‍රමාණය උප පොලිස් පරීක්ෂක උදාරගේ නමට ලියාපදිංචි නොවුණත් ඔහුට අයිති කේ.ඩී.එච්. වෑන් රථයකින් මහව සිට බෙදාහැරීම් සිදුකළ බවකි. මෙසේ මත්කුඩු ප්‍රවාහනය කිරීම සඳහා එම මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ට විශාල මුදල් තොගයක් ලැබුණු බවද අනාවරණය වී තිබේ. එසේ ලැබුණු මුදල් අතරින් රුපියල් තුන්කෝටි එකොළොස් ලක්ෂ හතළිස්පන්දහසක මුදලක් මහව පදිංචි පොලිස් පරීක්ෂකවරයාගේ නිවසේ වළදා තිබියදී සී.අයි.ඩී.ය විසින් සොයාගන්නවා. එහිදී මත්කුඩු ප්‍රවාහනය සඳහා යොදාගත් තවත් ඩොල්ෆින් වර්ගයේ වෑන් රථයක් හා කාර් රථයක් පිළිබඳව සී.සී.ටී.වී. මඟින් තොරතුරු අනාවරණය කර ගැනීමට රහස් පොලිසිය සමත් විය. එම හෙළිකරගත් සී.සී.ටී.වී. දර්ශන උපයෝගි කර ගනිමින් සිදුකරන විමර්ශනවලදී අනාවරණය වෙන්නේ එම වාහන කුලී පදනම මත කරන්දෙණිය ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් ලබාගෙන ඇති වාහන බවකි. මාසික කුලී පදනම මත ලබාගන්නා මෙම වාහන සඳහා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මසකට ලක්ෂයට අධික මුදලක් ඒ සඳහා ගෙවන බවත්, එම වාහනවල අයිතිකරු අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ කරන්දෙණිය ප්‍රදේශයේ පදිංචි සාජන්වරයාගේ මස්සානාගේ බවත් එහිදී අනාවරණය වෙයි.
මෙසේ සී.අයි.ඩී.ය කරන ප්‍රශ්න කිරීම්වලදී තවත් වැදගත් තොරතුරු ගණනාවක් හෙළිදරව් වී තිබේ. මේ අතර වැලිවේරියෙ පදිංචි අතුරුදන් වූ පොලිස් පරීක්ෂකවරයා මත්කුඩු බෙදාහැරීම සිදුකරන අතරතුර පාර්ලිමේන්තු පාර ආසන්නයේදී මත්කුඩු කිලෝ 25ක් සමඟ බැස යෑමෙන් පසු අතුරුදන් වූ බවටද තොරතුරු වාර්තා වී තිබේ. එහිදී තවත් අනාවරණය වන කාරණයක් වන්නේ මුහුදේ සිට මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයට ගෙන ගොඩබිමට රැගෙන එන කුඩු තොගයත් සමග ගිනිඅවි හතරකුත් පැමිණ ඇති බවයි. පරීක්ෂණවලදී එම ගිනිඅවිවලින් එක් ගිනිඅවියක් සොයා ගැනීමට සී.අයි.ඩී. නිලධාරීන්ට මේ වන විට හැකිවී තිබේ. එහිදී තවදුරටත් අනාවරණය වන්නේ එම නිලධාරීන් විසින් මීට පෙරත් මාතර සිට කොළඹට විශාල කුඩු තොගයක් ප්‍රවාහනය කර ඇති බවත්, ඒ සඳහා ඔවුන්ට ලක්ෂ 130ක මුදල් ප්‍රමාණයක් ලැබී ඇති බවත්ය. මේ අතර ප්‍රශ්න කිරීම්වලදී හෙළිවන තවත් කරුණක් වන්නේ උප පොලිස් පරීක්ෂක උදාර නමැති නිලධාරියා මිනුවන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ටයිල් චමින්ද නමැති පුද්ගලයා පිළිබඳව සිදුකරන විමර්ශන පිළිබඳ තොරතුරු සටහන් කර ඇති බවකි. එහිදී ටයිල් චමින්ද සතුව තිබී හමුවී ඇත්තේ ඔවුන් බෙදාහැරි මත්කුඩු බව දැන එය වසා දැමීම සඳහා මිනුවන්ගොඩ පොලිසිය නීත්‍යානුකූල නොවන ආකාරයෙන් ඔහුව රඳවා තබාගෙන සිටිනවාය කියා සටහන් තැබූ බව මේ වන විට හෙළිදරව් වී තිබේ. එයින් නොනැවතුණු උප පොලිස් පරීක්ෂක උදාර තමන්ගේ කණ්ඩායම සමඟ ගොස් ඔවුන් මත්කුඩු බෙදාහැරි ස්ථානවලින් ඒවා නැවත රැගෙන වෙනස් ස්ථාන වෙත ප්‍රවාහනය කර ඇති බවත් වාර්තා වේ.
මේ වන විට මතුව ඇති ප්‍රධානම ගැටලුව වන්නේ මෙම මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් අත්අඩංගුවට ගන්නා ලද මත්කුඩු තොගය කොස්ගොඩ තාරකගේද යන්නය. බුද්ධි අංශ වෙත ලැබී ඇති තොරතුරුවලින් පෙනී යන්නේ මෙම මත්කුඩු තොගය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විනාශ කිරීමේ අරමුණින් යුතුව ඩුබායිහි සිට සැඟව මත්ද්‍රව්‍ය ජාවාරම් කරන මොරිල් නමැති ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා විසින් මෙහෙයවූ උපක්‍රමයක් බවය. මොරිල් යනු කුඩු කිලෝ දෙකකට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය දෙදහ වසරේදී අත්අඩංගුවට ගෙන ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකි. ඔහු බන්ධනාගාරයේ සිටියදී දන්නා සියලු නූල් සුත්තර දමා අභියාචනාධිකරණයෙන් නිදහස් වී ඩුබායිහි සැඟව බිරිය හා දරුවන් සමඟ සුඛෝපබෝගී ජීවිතයක් ගත කරයි. ඉකුත් මැයි මාසයේ මහා ඉහළින් පවත්වන්නට සැලැසුම් කර තිබූ මොරිල්ගේ දියණියගේ විවාහ මංගල උත්සවයට ලංකාවෙන් දෙසීයක පමණ පිරිසකට ආරාධනා ලැබී තිබිණි. ගුවන් ටිකට් පවා නොමිලේ ලබාදීමට කටයුතු සංවිධානය කර තිබූ එම මංගල උත්සවයට කොරෝනා හරස් වීම නිසා ඉතා චාම්ව පවත්වා ඇති බවට තොරතුරු වාර්තාවේ.
2018 ජනවාරි මස මොරිල් මාකඳුරේ මධුෂ් සමග එක්ව කුඩු කිලෝ සීයකට වැඩි ප්‍රමාණයක් ලංකාවට ගෙනඑනු ලැබීය. මේ වෙනකොට මධුෂ් සහ මොරිල් එකට එකතුව දිගටම මත්කුඩු ව්‍යාපාරය කරගෙන ගිය අතර එහිදී ඔවුන් එක්ව කරන අවසාන ගනුදෙනුව වන්නේ 2018 ජනවාරි මාසයේ මත්කුඩු කිලෝ සියයටක අධික ප්‍රමාණයක් ලංකාවට එවීමය. මේ මත්කුඩු සහිත බෝට්ටුව දෙවුන්දර මුහුදෙන් ගොඩබිමට එන විට පොලිසියේ යැයි කියාගන්නා පිරිසක් විසින් එම බෝට්ටුව වටලා එහි ඇති මත්කුඩු ඔවුන් භාරගයට ගනී. එම අවස්ථාවේ එහි සිටින ජාවාරම්කරුවන් එයින් පැනයනු ලබයි. ඒ අතර එම ස්ථානයට පැමිණෙන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන්ටද කිසිදු මත්ද්‍රව්‍යයක් සොයාගත නොහැකි වේ. ඒ අතර ඔවුන් විසින් වෙනත් පිරිසක් මේ සඳහා අත්අඩංගුවට ගනී.
මේ අතර පසුගිය කාලේ මහරගම, ඇරැව්වල ප්‍රදේශයේ සිදුකරන ලද මැණික් සොරකමක් සම්බන්ධයෙන් කැවුමා නමැති පුද්ගලයෙක් පෑලියගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලබයි. වැඩිදුර කරගෙන යන විමර්ශනවලදී මෙම කැවුමා නමැති පුද්ගලයා මාකඳුරේ මදුෂ්ගේ ගෝලයක් හෙළිවන අතර මෙම කැවුමා නමැති පුද්ගලයා දෙවුන්දර මත්කුඩු සමඟ පැමිණි බෝට්ටුව පොලිසිය යැයි කියාගන්නා පිරිසක් විසින් වටලන ආකාරය හෙළිකරනු ලබයි. එහිදී ඔහු කියා සිටින්නේ ඔහුගේ සුඛෝපබෝගී රථයෙන් එම ස්ථානයට කඩාපැන පොලිසිය මෙන් රඟපා එහි තිබූ කුඩු රැගෙන ගිය බවය. මධුෂ් මේ කුඩු හොරකම් කොට විකුණගත් බව මොරිල් පසුව දැනගනී. එයින් මධුෂ් සමඟ වෛර බැඳගන්නා මොරිල් මධුෂ්ට වැඩක් දීමට මාන බලමින් සිටී. කාලයක් තිස්සේ හිතේ පැසවමින් තිබූ වෛරය මොරිල් පිරිමහ ගන්නේ මාකඳුරේ මධුෂ්ගේ දුවගෙ උපන්දින පාටිය දවසේය. සල්ලි බලය නිසා මොරිල් ඩුබායි පොලිසියත් සමඟ ඇතිකරගත් සම්බන්ධතා හරහා මධුෂ්ගෙ දුවගෙ උපන්දින පාටිය වෙලාවෙදි පොලිසියට ඔත්තුවක් දී ඔහුව පොලිසියට හසුකර දෙනු ලබයි. ඉන්පසු මධුෂ්ට කුඩු සම්බන්ධයෙන් තිබුණු සම්පූර්ණ ජාලයම මොරිල් ඔහු යටතට ගනී.
මේ අතර පසුගිය කාලයේ විශේෂ කාර්ය බළකාය හා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හරහා විශාල මත්කුඩු වැටලීම් ප්‍රමාණයක් සිදුකර තිබිණ. ඒ සෑම වැටලීමක් සඳහා උප පොලිස් පරීක්ෂක උදාර ඇතුළු කණ්ඩායමක් සහභාගි වන අතර, මෙසේ අත්අඩංගුවට ගන්න බොහෝ මත්කුඩුවල අයිතිකාරයා වන්නේ මොරිල්ය. අනිත් ජාවාරම්කාරයන්ගේ කුඩු නැතුව තමන්ගෙම කුඩු ඇල්ලීම මත මොරිල් උදාර ඇතුළු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයෙ නිලධාරීන් සමග වෛරයක් ඇතිකර ගනී. ඒ අනුව මොරිල් තීරණය කරන්නේ කුමක් හෝ සැලැසුමක් මඟින් මේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විනාශ කර දැමීමටය. එහි එක උගුලක් ලෙස උදාර ඇතුළු මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ කණ්ඩායම අසුවූ බවද කියැවේ. මොරිල් සතුව ලංකාව තුළ ක්‍රියාත්මක වන විශාල ජාලය විසින් උදාර නමැති උප පොලිස් පරීක්ෂකවරයා අවුරුදු දහයකට ආසන්න කාලයක් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ වැටලීම් සඳහා සහභාගි වන බව සොයාගෙන ඇත. ඒ වගේම ඔහු ආර්ථික ප්‍රශ්නවලින් පීඩා විඳින බවද ඔවුන් සොයාගෙන තිබේ. ඒ අනුව ඔහු තීරණය කරන්නේ බිලිබා ගැනීමට ඇති හොඳම පුද්ගලයා උදාර බවය. ඒ අනුව දැනට කෙරීගෙන යන පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ කලින් මුහුදෙදි කුඩු තොගයක් අත්අඩංගුවට ගැනීම මෙහෙයවන්නේද මොරිල් විසින් බවය. එහිදී මොරිල් උදාර ඇතුළු නිලධාරීන්ගේ ඔළු සුද්දකර ඔවුන්ට දැනුම්දී ඇත්තේ අහුවෙන කුඩුවලින් කොටසක් ගෙන විකුණගන්නා ලෙසටය. ඉන් පසු උදාර ඇතුළු නිලධාරීන් මොරිල්ගෙ ඉත්තන් බවට පත්වී තිබේ. මේ අයුරින් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විනාශ කිරීමේ සතුට මොරිල් ඩුබාහි සමරන බවටත් දැනගන්න ලැබේ. ඒ අනුව මොරිල්ගේ අනුදැනුම මත මහබාගේ ප්‍රදේශයේ ලොරියක තිබී අත්අඩංගුවට ගන්නා කුඩු කිලෝ 225 කොස්ගොඩ තාරකගේ බව මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ප්‍රකාශ කරයි. ඒ අනුව මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විනාශ කිරීමේ අරමුණින් මොරිල්ගේ බඩු මොරිල්ම අල්ලා දී ඇති ආකාරයක් දැනගන්නට ලැබෙනවා.
මෙහිදී ඇතිවන අනෙක් ප්‍රශ්නය වන්නේ කිලෝ 300ක් වැනි මත්කුඩු ප්‍රමාණයක් ඔහුම අල්ලාදෙයිද යන කාරණයය. මත්ද්‍රව්‍ය ගනුදෙනු කිරීමේදී ඒවා මෙරටට ප්‍රවාහනය කරන්නේ සියයට පනහක අත්තිකාරම් මුදලක් ලබාගත් පසුවය. ඒ අනුව එම කුඩු කිලෝ තුන්සියේ වටිනාකමට සරිලන මුදලක් මොරිල් ලංකාවේ ජාවාරම්කරුවන් හරහා ලබාගෙන තිබිණි. එයින් ඔහුට කිසිදු පාඩුවක් හෝ ලාබයක් සිදුවන්නේ නැත. මෙහිදී ඔහුට ඇති වාසිය නම් මෙසේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහා තිබූ පිළිගැනීම නැතිකිරීම මඟින් මත්ද්‍රව්‍ය වැරැදි සඳහා බන්ධනාගාරගතව සිරදඬුවම් විඳින මත් ජාවාරම්කරුවන් නිදහස් කර ගැනීමය. මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගත් පුද්ගලයන් නඩු මඟින් නිදහස් කර ගැනීමේ වාසිය ලබාගැනීම ඔහුගේ අනෙක් අරමුණ වන්නේය.

රුවන් වෙඩිවර්ධන

SendShareShare
Previous Post

ක්‍රිකට් ක්‍රීඩකයන්ට අපලයක්: මෙන්ඩිස් අත්අඩංගුවට

Next Post

අල්ලන කුඩු විකිණිල්ල ‘මව්රට’ හෙළි කළේ ගිය අප්‍රේල් මාසයේ

MORE NEWS

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

Load More
ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතාට චෝදනා කරමින් මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂණ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය...

Read more
හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනුම්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.