පොලිස් මූලස්ථානයේ රියැදුරකු හට කොරෝනා වයිරසය ආසාදනය වීමත් සමග පොලිස්පති සී.ඩී. වික්රමරත්න මහතා ඇතුලු ආසන්නතම කාර්ය මණ්ඩලය විසින් ඊයේ (08) සවස සිදු කරන ලද පී.සී.ආර්. පරීක්ෂණයේ ප්රතිපල මේ වනවිට නිකුත් වී තිබේ.
ඒ අනුව පොලිස්පතිවරයා ඇතුලු ආසන්නතම කාර්ය මණ්ඩලයට කොරෝනා ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇත.
කෙසේවෙතත් පොලිස්පතිවරයා සිය නිවසේ සිට මේ වනවිට සියලුම රාජකාරී කටයුතු සිදු කරන බව වාර්තා වේ.
ඊට අදාළ සියලුම නිල සාකච්ජා සූම් තාක්ෂණය ඔස්සේ සිදුකරන බවද පොලිස් ආරංචිමාර්ග සදහන් කරයි.










