අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ මේ රටට ආදරයෙන් නොවන බවත්, එම නිසා මේ රටේ ජනතාව පිම්පියන් බවට පත් නොකොට රටේ සම්පත් ආරක්ෂා කිරීමට ආණ්ඩුව පියවර ගත යුතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පෙන්වා දුන්නේය.
ඇක්සා, සෝෆා, එම්.සී.සී යන ගිවිසුම් රටට අහිතකර බව කීවේ මේ ආණ්ඩුවේම ඇතමුන් බව පෙන්වා දුන් මරික්කාර් මහතා අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා පැමිණෙන්නේ මෙම ගිවිසුමේ අවසන් අදියරේ සාකච්ජා පැවැත්වීමටද යන්න සැක මතුවන බවද පෙන්වා දුන්නේය.










