සාහසික ලෙස කටයුතු කරන ආණ්ඩුවට සහ මාධ්‍යට අද දින සජබ මාධ්‍ය ප්‍රකාශන නියෝජ්‍ය ජාතික සංවිධායක එස්.එම්. මරික්කාර් මහතා දැඩි අනතුරු ඇගවීමක් සිදුකළේය.
ඒ, ජනතාව බිය වද්දන ආකාරයේ සාහසික මාධ්‍ය ප්‍රචාර සිදුකිරීමෙන් වළකින ලෙසය.
ආණ්ඩුව රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප්, සමෘද්ධි දීමනා ගෙවීම කල්දමමින් සිටින බවත්, ඉදිරියේදී තෙල් නැව්, ගෑස් නැව් ගෙන්වීම පමා කොට සාහසික කුමන්ත්‍රණයක් සිදු කිරීමට කැස කවමින් සිටින බවත් පෙන්වා දුන් ඒ මහතා ඇතැම් මාධ්‍යද මේ වනවිට සාහසික කුමන්ත්‍රණයක් දියත් කර ඇති බව කියා සිටියේය.










