ලෝක වෙළෙදපොලේ බොරතෙල් බැරලයක් මිල වාර්තාගත ලෙස පහත වැටී ඇති බවත්, එම සහනය ජනතාවට ලබා දීමට ආණ්ඩුව වහාම පියවර ගත් යුතු බවත් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කරයි.
අවසන් වරට තෙල් මිල සංශෝධනය කළේ පසුගිය වසරේ සැප්තැබ්මබර් මස බවත්, ඒ වනවිට බොරතෙල් බැරලයක මිල ඩොලර් 62ක් වූ බවත් ඒ මහතා කියයි.
මේ වනවිට බොරතෙල් බැරලයක මිල ඩොලර් 21 දක්වා පහත වැටී ඇති බවත්, එය 66%ක ප්‍රතිශතයකින් පහත වැටීමක් බවත් එ මහතා පෙන්වා දෙයි.










