කොරෝනා වයිරසය ව්‍යාපතිය ආරම්භ වීමත් සමග යුරෝපයේ ඉතා ඉක්මණින්ම ඊට ප්‍රතිචාර දක්වමින් සිය රට වසා දැමූ පෘතුගාලය ලබන සතියේ සිය රට ජනතාවට විවෘත කිරීඹට සූදානම් බව ප්‍රකාශ කොට ඇත.
ප්‍රතිචාර දැක්වීමට ප්‍රමාද වූ යාබද අනෙකුත් යුරෝපා රටවල කොරෝනා මරණ ප්‍රමාණය සහ ආසාදිතයන් සංඛ්‍යාව දසදහස් ගණන් ඉක්මවා යද්දී පෘතුගාලය එය ඉතා අවම මට්ටමක තබා ගැනීමට සමත් විය.
එරට ආර්ථික අමාත්‍යවරයා වන සිසා වියෙරා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා ඇත්තේ ලබන සතියේදී ව්‍යාපාරික කටයුතු සදහා තම රට විවෘත කිරීමට සියලු සැලසුම් සකස් කර අවසන් බවකි.
ඒ අනුව කොරෝනා වයිරසයෙන් යුරෝපයේ අවම බලපෑමක් වූ රට වශයෙනුත්, පළමුව විවෘත කළ රට වශයෙනුත් පෘතුගාලය වාර්තා පොත් අතරට එක්ව තිබේ.
ඒ අතින් බලන විට පෘතුගාල ජාතිකයන් නැවත වතාවක් තමන් සූරයන් වීරයන් බව ලෝකය හමුවේ පෙන්වා දී තිබේ.
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා 1960 නිෂ්පාදනය කළ ‘සන්දේශය’ චිත්‍රපටයේ මෙම ජනප්‍රිය ගීතය ඊට නිදසුනක් නොවේද?










