ආණ්ඩුව බලයට පැමිණ මාස 6ක් ඉක්ම ගොස් ඇති නමුත් තවමත් මහබැංකු හොරු අත්අඩංගුවට ගැනීමට තවමත් හැකියාවක් ලැබී නොමැති බවත්, හැකි නම් මහබැංකු හොරු අත්අඩංගුවට ගෙන පෙන්වන මෙන් තමා ආණ්ඩුවට අභියෝග කර සිටින බවත් හිටපු පාරලිමේන්තු මන්ත්රී එස්.එම්. මරික්කාර් මහතා ආණ්ඩුවට අද (31) අභියෝගයක් එල්ල කළේය.
මරික්කාර් මහතා පෙන්වා දෙන්නේ ආණ්ඩුව සමගි ජන බලවේගය නියෝජනය කරන චම්පික රණවක අවසන් කළ නඩුවකටත් , රාජිත සේනාරත්න ප්රවෘත්ති සාකච්ජාවක් පැවැත්වීමටත් සහ බඩු බෙදූ බව කියමින් රන්ජන් රාමනායකත් අත්අඩංගුවට ගත් ආණ්ඩුව මහබැංකු හොරකම සම්බන්ධයෙන් තවමත් කිසිදු පුද්ගලයකු අත්අඩංගුවට ගෙන නොමැති බවකි.










