මුන්දලම පාලසෝලේ ප්‍රදේශයේ සිදුවූ පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් මියගිය අයගේ අනියම් බිරිඳ, ඇයගේ සොහොයුරා, අනියම් බිරිඳගේ සොහොයුරාගේ බිරිඳ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
එම සැකකරුවන් විසින් 37 හැවිරිදි පුද්ගලයෙකු පහරදී ඝාතනය කර පසුව ඔහු ගෙළවැලලාගෙන මරණයට පත්වූ බවට හැඟවෙන අයුරින් මළ සිරුර එල්ලා ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේ කොහු මෝලක කම්කරුවකු ලෙස සේවයක කරමින් සිටි අයෙකු බව වාර්තා වේ.
ඝාතනයට ලක්වු පුද්ගලයා අදාළ සැකකාර කාන්තාවගේ තුන්වන සැමියා බවත් මොවුන් නිත්‍යානුකුලව විවාහවී නොමැති බවත් විමර්ශනවලදී අනාවරණ වී තිබේ.
එම කාන්තාව සහ මියගොස් ඇති පුද්ගලයා කොහු මෝල තුළ පදිංචිව සිට ඇති අතර මාස කිහිපයක් තිස්සේ ඔවුන් අතර කිසිදු කතාබහක් සිදුව නොමැති බව සැකකරුවන් පොලිසියට පවසා ඇත.
අනතුරුව ඝාතනයට ලක්වූ දිනයේ මියගොස් ඇති පුද්ගලයා බීමතින් පැමිණ ඔවුන් සමඟ ආරවුලක් ඇතිකරගෙන පසුව එහිදී සිදුවූ පහරදීමකින් ඔහු මියගොස් ඇති බවද අනාවරණ වී තිබේ.
එහිදී සැකකරුවන් විසින් මියගොස් ඇති පුද්ගලයා ගෙළවැලලාගෙන මරණයට පත්වූ බවට හැඟවෙන අයුරින් මළ සිරුර එල්ලා ඇති බවද සඳහන්ය.
මුන්දල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.










