පුත්තලම නගරාධිපති කේ. ඒ. බායිස් මහතාගේ මරණය මේ වනවිට අභිරහසක් බවට පැත්ව ඇති බව වාර්තා වේ.
ඒ මහතාගේ සිරුර ඊයේ වනාතවිල්ලුව වත්තකින් සොයාගෙන තිබුණු අතර ඔහුගේ හිසට බරපතළ තුවාල සිදුව ඇති බවද දැනගන්නට ඇත.
ඒ අනුව පුත්තලම නගර සභාවේ සභාපති කේ. ඒ බායිස්ගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ රියදුරු සහ අදාළ කැබ් රථයේ සිටි පුද්ගලයින් 02 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
පොලීසිය විසින් සිදුකරන ලද ස්වසන වායු පරීක්ෂාවේදී ඔවුන් බීමතින් සිට ඇති බවට අනාවරණය වී තිබේ.
සභාපතිවරයා තවත් පිරිසක් සමග රාල්මඩුව වැවෙන් ස්නානය කර කැබ් රථයේ පිටුපස ගමන් කර ඇති අතර එම අවස්ථාවේදී ඉන් පිටතට විසිවීමෙන් හෝ වෙනත් ක්‍රියාවක් සිදුවී රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවට පොලීසියට වාර්තා වී ඇති බවද අජිත් රෝහණ මහතා පැවසීය.
අනතුර සිදුවී ඇත්තේ ඊයේ සවස 5.30ත් 6.30ත් අතර කාලයේදීය.
ඔහුගේ මරණය සම්බන්ධයෙන් පොලීසිය පූර්ණ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.










