පාකින්සන් රෝගය වැළඳි ඇති බවට පැතිර යන මත හේතුවෙන් ව්ලැඩිමීර් පුටින් ජනවාරි මාසයේදී රුසියානු ජනපති ධූරයෙන් ඉවත්ව යන බව වාර්තා වේ.
පුටින් පුටුවක ඇන්ද අල්ලා ගැනීමට යාමේදී ඔහුගේ පාද එහා මෙහා චලනය වන වීඩියෝවක් මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමඟ මොස්කව්හි මහාචාර්යවරයෙක් මෙම අදහස ප්‍රකාශ කර ඇත.
වීඩියෝවේ අන්තර්ගත පරිදි මෙම අවස්ථාවේදී පුටින්ගේ ඇස්, හිටපු කේ.ජී.බී. ක්‍රියාකරුගේ ඇඟිලි අතර රැදුණු පෑනකටත් කෝප්පයකටත් දිවෙයි.
විශ්ලේෂකයින්ගේ අදහස වන්නේ මෙම කෝප්පය වේදනා නාශකවලින් පුරවා ඇති බවයි.
කෙසේ වෙතත්, ජනාධිපතිවරයා රෝගයෙන් පෙළෙන බවට ක්‍රෙම්ලිනයෙන් කිසිදු තහවුරු කිරීමක් කර නොමැත.
පුටින් විසින් පසුගියදා හඳුන්වා දුන් නව කෙටුම්පත් පනත ඔහු මිය යන තෙක් ඔහුට නීතිමය මුක්තිය සහ රජයේ වරප්‍රසාද සහතික කරනු ඇත.