තමන් කිසිදිනෙක සොරකම් කර හෝ වංචා කර නොමැති බවත්, පිල්ලෙයාන් එළියට දැමූ ආණ්ඩුව තමන් ඇතුළට දැමීමට පියවර ගත් බවත් රන්ජන් රාමනායක මහතා සදහන් කරයි.
නමුත් ආණ්ඩුව පළවා හරින තුරු තමන් සටන නොනවත්වන බවද ඒමහතා කියා සිටියේය.
ආණ්ඩුව පිල්ලෙයාන් එළියට දාලා මාව ඇතුළට දැම්මා…
දූෂිත ආණ්ඩුව පලවා හරිනකම් සටන නවත්වන්නේ නෑ…
මම පඩි සල්ලිත් ජනතාවට බෙදුවා….මේ හොරකම් කරලා කුඩු විකුණලා නෙමෙයි…
කුඩුකාරයො ගැන කිව්වා කියලා තමයි මාව හිරේ දාන්නේ…
මම කීයටවත් සමාව ඉල්ලන්නෙත් නෑ…
කියපු කිසිදෙයක් ඉල්ලා අස්කරගන්නෙත් නෑ… යනුවෙන්ද රාමනායක මහතා කීය.










