කොවිඩ් -19 වෛරසය ආසාදනයවීම හේතුවෙන් තවත් පුද්ගලයින් 26 දෙනෙකු මියගොස් තිබේ.
ඊයේ (10) දිනයේ එම මරණ තහවුරු වු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධණ මහතා පවසයි.
එම මරණ මැයි 03 වනදා සිට ඊයේ (10) දක්වා වාර්තා වී ඇති බව ඔහු පවසයි.
ඒ අනුව, මෙරටින් වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 827කි.
මීට අමතරව ඊයේ දිනයේදී හමුවී ඇති මුළු ආසාදිතයින් ගණන 2,573කි.
ආසාදිතයින් 2,500 ඉක්මවා වාර්තා වූයේ පිට පිට දෙවැනි දිනටය.










