මේ වන විට කොරෝනා රෝගය සුව කිරීම සඳහා යැයි ඉදිරිපත්ව තිබෙන දේශීය ඖෂධ සම්බන්ධයෙන් දේශීය වෛද්‍ය අමාත්‍යාංශය, ආයුර්වේද දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කඩිනමින් නිසි නියාමනයක් සහ අධික්ෂණයක් කළ යුතු බව ශ්‍රී ලංකා රජයේ ආයුර්වේද වෛද්‍ය සංගමය අවධාරණය කරයි.
එම සංගමයේ සභාපති වෛද්‍ය ප්‍රසාද් හෙන්දාවිතාරණ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසන්නේ නව ඖෂධයක් නම් අනිවාර්යයෙන්ම රසායනාගාර පරීක්ෂාවක්, සත්ව පරීක්ෂාවක් සහ නිරෝගී වැඩිහිටියෙකුට ලබා දී එම පරීක්ෂාවෙන් පසු ලැබෙන නිර්දේශ මත රෝගීන්ට ලබා දීම සිදුකළ යුතු බවයි.
සාදික්කා යොදාගෙන කරන ලද සත්ව පරීක්ෂණයේදී එහි අධි මාත්‍රාවක් භාවිතා වුවහොත් එය විෂ සහිත තත්ත්වයක් ඇති වන බව තහවුරු වී තිබෙන බවත් හෙන්දාවිතාරණ මහතා කියා සිටියි.
මේ දිනවල ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලාවල ඇතැම් පුද්ගලයන් විවිධ බෙහෙත් වට්ටෝරු ඉදිරිපත් කරන බවත්, ඒවා භාවිත කිරීමේදී බොහෝ සැලකිලිමත් විය යුතු බවත් ඒ මහතා පෙන්වා දී ඇත.










