පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (17) පෙරවරුවේ දී නාරාහේන්පිට පිහිටි යුද හමුදා රෝහලේදී කොවිඩ් ‘” ඇස්ට්‍රා සෙනිකා” එන්නත ලබාගෙන ඇත.
එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ ද එක්ව සිටියේය.
ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ අද පෙරවරුවේ කථානායක නිල නිවසට පැමිණ කථානායකවරයා සමග යුධ හමුදා රෝහල වෙත ගොස් තිබේ.
කොවිඩ් වසංගතය මර්ධනය කිරිම පිණිස ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස ලංකාවට ලැබී දැනට එන්නත්කරණය සිදු කෙරෙමින් පවතින ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනිකා කොවිෂීල්ඩ් එන්නත ලබා ගැනීමට ජනතාව දිරිමත් කිරීම සඳහා කථානායකවරයා මෙසේ එන්නත ලබා ගෙන තිබේ.
අද (17) දින මධ්‍යහන 12 වන විට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 24 දෙනෙක් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනිකා කොවිෂීල්ඩ් එන්නත ලබාගෙන තිබේ.










