ඉකුත් ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා පාස්කු ප්‍රහාරයේ සුලමුල සොයන බවට ප්‍රතිඥා දුන් නමුත් ප්‍රහාරයෙන් අනතුරුව තමන්ට කතා කොට ජනාධිපති කොමිසම් වාර්තාවේ නිර්දේශයන් ක්‍රියාත්මක කළහොත් තමන් අප්‍රසාදයට පත්වනු ඇති බව කියා සිටි බව අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණෝ සදහන් කර සිටියහ.
උන්වහන්සේ පෙන්වා දුන්නේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන බව කියමින් ආණ්ඩුව මවාපෑමක් සිදු කරන බවකි.
විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් සමග සූම් සාකච්ජාවකට එක්වෙමින් කාදිනල් හිමපාණෝ මේ බව කීහ.










