• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තා කව්ද? ‌කොරෝනා එක්ක ‌දේශපාලනය කරන්නේ කව්ද? චම්පික විශේෂ ‌හෙළිදරව්වක් කරයි

April 21, 2020
in Exclusive
Reading Time: 4 mins read
A A
පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තා කව්ද? ‌කොරෝනා එක්ක ‌දේශපාලනය කරන්නේ කව්ද? චම්පික විශේෂ ‌හෙළිදරව්වක් කරයි
Share on WhatsAppShare on Facebook

පාස්කු ප්‍රහාරයේ සැබෑ වගකිවයුත්තා ‌වෙන කවුරුවත් ‌නොව හිටපු ජනාධිපති, සන්නද්ධ හමුදාවල ‌සේනාධිපති ‌මෛත්‍රීපාල සිරිසේන මහතා බව සමගි ජන බලවේගයේ සාමාජික පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරයි.

ඒ මහතා ‌පෙන්වා ‌දෙන්නේ ප්‍රහාරය පිළිබදව කලින් දැනුම් දී තිබියදීත් හිටපු ජනාධිපතිවරයා ඒ පිළිබදව නිහඩව කටයුතු කිරීම ඊට ප්‍රධාන ‌හේතුව බවයි.

එමෙන්ම කොවිඩ් 19 වසංගතය මර්දදනය කිරීම සඳහා සෞඛ්‍ය විද්‍යාත්මක ප්‍රවේශයක් ගන්නවා වෙනුවට රටේ සමස්ථ ජනතාවගේ ජීවිත අනතුරේ දමමින් බල දේශපාලනික ප්‍රවේශයක් යටතේ වත්මන් ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවද හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා අවධාරණය කර සිටී.

මෙම වසංගත තත්ත්වය පිළිබඳව නිශ්චිත තත්ත්වයන් ලෝකය පුරා පෙබරවාරි මාසය වන විට පැහැදිළිව දැක්වූ බවත්, ඔක්තෝම්බර් මාසයේ සිට වසංගත තත්ත්වය පිළිබඳ නිශ්චිත වාර්තා චීනයේ දක්වා තිබූ බව ද චම්පික රණවක මහතා පෙන්වා දෙයි.

මෙවැනි පැහැදිළි නිශ්චිත වාර්තා සහ තොරතුරු තිබියදීත්, ශ්‍රී ලංකාවේ ගුවන් කොටුපොල වසා දැමීමට වත්මන් ආණ්ඩුව කටයුතු නොකළ බවත්, කොව්ඩ් වසංගතය නොමැති රටක් ලෙස ශ්‍රී ලංකාව නම් කර සංචාරක ප්‍රවර්ධන වැඩපිළිවෙල දියත් කිරීම ආණ්ඩුව විසින් සිදුකළ බව ද රණවක මහතා පෙන්වා දෙයි.

ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ ජාතික සමගි බලවේගය විසින් අද (21) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී ආණ්ඩුවේ වත්මන් ක්‍රියාකලාපය පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ චම්පික රණවක මහතා,

මාර්තු 17 වන විට රෝගීන් 28 දෙනෙකු පමණක් සොයාගෙන ඇති නිසා ඡන්දය කල්දැමීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව ජනාධිපතිතුමාම ප්‍රකාශ කර සිටියා. ඒ අවස්ථාවේ මේ වසංගත තත්ත්වයට සෞඛ්‍ය විද්‍යාත්මක ප්‍රවේශයක් ගන්නවා වෙනුවට බල දේශපාලනික ප්‍රවේශයක් ගැනීම නිසා රටේ ජනතාවට මෙවන් තත්ත්වයකට මුහුණ දීමට සිදු විය.

කොව්ඩ් වසංගතය ලංකාවේ අවසන් බව පවසමින් අපේල් 19 න් පසු සුභ ආරංචි රටට දෙනබව පවසමින් මේ නැවතත් කරගෙන යන්නේ, පනවා තිබෙන යම් යම් තහංචි හා නීති රීති ලිහිල් කරන්නෙ, බල දේශශපාලනික වුවමනාවන් මත බලය තහවුරු කරගැනීමයි. නිල වශයෙන් ඇඳිරි නීතිය පැනවීමට හැකි මාර්ග ගණනාවක් තිබියදී ආණ්ඩුව ඒවා අනුගමනය නොකළ බව රංජන් රාමනායක මහතාගේ නඩුවේදී රටටම පැහැදිළි වුණා. දැන් පවත්නා ඇඳිරි නීතිය අපේ රටේ මහජන ආරක්ෂක පනත යටතේ විධිමත්ව ක්‍රියාත්මක කරනු ලැබූ ඇඳිරි නීතියක් නොවෙයි. ඒ බව අප දැන සිටියත් අප ප්‍රශ්න කළේ නෑ. එය අප අගමැතිතුමාගේ මූලිකත්වයෙන් පැවති රැස්වීමේදීත් සඳහන් කළා. එනමුත් රටේ උද්ගතව තිබෙන මෙම ත්ත්වය හමුවේ අප මෙයට විරුද්ධ නොවන බව අප ප්‍රකාශ කලා. අපේ සහයෝගය අප කොන්දේසි විරහිතව ලබාදෙන්න අප කටයුතු කළා.

වසංගත තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට තිබුණු හොඳම ක්‍රියාමාර්ගය තමයි ආපදා කළමණාකරණ පනත යටතේ රාජ්‍ය නිළධාරීන් යොදවා කටයුතු කිරීම. නමුත් ආණ්ඩුව සිදු කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්වරයා වන බැසිල් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් සම්පූර්ණ දේශපාලන ක්‍රියාවලියක් ලෙස ආධාර බෙදීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීම.

බොහෝ ආර්ථික මධ්‍යස්ථාන වල එළවළු පළතුරු විකුණාගැනීමට නොහැකිව කුණුවී අපතේ යන ආකාරය මාධ්‍ය විසින් වාර්තා කළා. නමුත් කොළඹ, ගම්පහ, කළුතර වැනි නාගරික ප්‍රදේශවල අධික මිළ ගණන් යටතේවත් එළවළු සහ පළතුරු ලබාගැනීමට ජනතාවට අවස්ථාව උදා වුණේ නෑ, එයින් පැහැදිළි වෙනව බැසිල් රාජපක්ෂ මහතාගේ කාර්ය සාධන බලකායට මෙම ආහාර ද්‍රව්‍ය බෙදාදීමේ ක්‍රියාවලියවත් විධිමත්ව කරගන්න බැරිවුණ බව.

ඒ වගේම රු. 5,000 ක ආධාර මුදල ලබාදීම සඳහා ග්‍රාම නිලධාරීවරු යෙදවූව ද දේශපාලන අතපෙවීම් නිසා මුලදී ග්‍රාම නිලධාරීන් විරෝධය පාමින් එම වැඩපිළිවෙලින් ඉවත් වුණා. මෙම ක්‍රියාවලිය සඳහා ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින් යොදවමින් ආණ්ඩුව සම්පූර්ණ දේශපාලන ක්‍රියාවලියක් ගෙනිච්චා. ඒ වගේම අද වන විට භාණ්ඩ විකුණන්න හා ප්‍රවාහනය කරන්න ඇඳිරිනීති බලපත් ලබාදී තිබෙන්නේ දේශපාලකයින්ගේ යාළු හිතමිත්‍රාදීන්ට.

වත්මන් ආණ්ඩුව මාර්තු 14 වෙනිදා සිට අප්‍රේල් 14 වන දින කාලය තුළ රුපියල් බිලියන 200 කට වැඩිය මුදල් අච්චු ගහල තියෙනවා. එයින් සාමාන්‍ය ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් වැය කරල තියෙන්නෙ බිලියන 20 කට ආසන්න ප්‍රමාණයක් පමණයි. ජනතාවට 10% යි බෙදල තියෙන්නෙ.

ඉතිහාසයේ පළමු වතාවට අමෙරිකාවේ තෙල් මිල සෘණ අගයක් ගත්තා. නමුත් ලංකාවේ සෑම ඩීසල් ලීටරයකින්ම රුපියල් 90 ක් , සෑම පෙට්‍රල් ලීටරයකිත්ම රුපියල් 130 ක් ආණ්ඩුව ලාබ ලබනව. ඒ නිසා සැමන් වලිනුයි පරිප්පු වලිනුයි ඒක වහන්න බෑ. මේ ආකාරයට ආණ්ඩුවට මේ අවුරුද්දෙ රුපියල් බිලියන 400 ක් එකතු වෙනව.

හැම තැනකම මේ වගේ ප්‍රශ්න තිබුණත් ජනතාව මුහුණ දී තිබෙන මේ තත්ත්වය හමුවේ අපි නීත්‍යානුකූලව හෝ වෙනත් ආකාරයකින් මේවා ප්‍රශ්න කරන්න ගියේ නෑ. නමුත් අපිට දැන් පැහැදිළියි ආණ්ඩුව බල දේශපලනික ව්‍යපෘතියක් කරනව මිසක් සෞඛ්‍ය නිර්දේශ මත යන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙන්නේ නෑ. ඒ නිසා රටේ ජන ජීවිත අනතුරේ දාන්නෙ නැතිව බල දේශපාලනයෙන් මිදී දැන්වත් සෞඛ්‍ය විද්‍යාත්මක ක්‍රමවේදයකට පැමිණ තීරණ ගන්නා ලෙස අපි ආණ්ඩුවට අවධාරණය කර සිටිනවා.

ප්‍රධාන කාරණය තමයි අපේ රට කොව්ඩ් අඩුවෙන්ම පරීක්ෂා කරපු රටක්. ඊයේ වාර්තාවලට අනුව රටේ දශලක්ෂයකට 302 යි පරීක්ෂා කරල තියෙන්නෙ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයම පවසපු ආකාරයකට රටතුළ ඉන්නවා ස්පර්ෂකයො 42000 ක්. මේ අයවත් පරීක්ෂා කරන්න කියල අපි ආණ්ඩුවට කියනව. රටේම පරීක්ෂණ 6000 යි කරල තියෙන්නෙ. තමන්ගේම අය යොදවාගෙන කොව්ඩ් මර්දන දර්ශකවල ඉහළට ලංකාව පැමිණි බව පවසමින් මාධ්‍ය සංදර්ශන පැවැත්වීමෙන් ජනතාව මුළාකරල වැඩක් නෑ. මාධ්‍ය නාටක වලින් ජනතාව රවටල වැඩක් නෑ.

ජුනි 20 වන දින මහ මැතිවරණය පැවැත්වීමට තීරණය කර ඇති බව මැතිවරණ කොමිසන් සභාව ඊයේ නිවේදනය කළා. සමගි ජන බලවේගයේ අපිට කලින්ම වාර්තා ලැබිල තිබුණ මේ කඩිනමින් රටේ නීති ලිහිල් කරන්නෙ, සුභාරංචි දෙන්න සූදානම් වෙන්නෙ මැයි මාසෙ අග භාගයේදී මහ මැතිවරණය පැවැත්වීමේ අවශ්‍යතාවය මත කියල. ඒ අනුව අපි ඉල්ලීමක් කළ මැතිවරණය තියන්න එපා, ජනතාවගේ ජීවිත ආරක්ෂා කරගැනීමට මුල් තැනක් ලබාදිය යුතු බවට. දැන් මේ ජුනි 20 මැතිවරණය පැවැත්වීමට යාමෙන් ජනතාවට මේ කොව්ඩ් තත්ත්වයෙන් යම් කරදරයක් වුවහොත් කවුද ඒ සඳහා වගකියන්නේ ? මේ රජය ඒ සඳහා වග කියනවද ? ඒ පිළිබඳව පැහැදිළි තීරණයක් ජනතාවට ලබාදිය යුතුයි.

මේ තත්ත්වය යටතේ නිදහස් සාධාරණ මැතිවරණයක් පැවැත්විය හැකිද යන්න පිළිබඳව ප්‍රශ්නයක් තියෙනව. තමන්ට බලය තිබුණු පමණින්, රටේ අර්බුදයක් තිබුණ පමණින්, ව්‍යවස්ථාවට පටහැණිව, නීතියට පටහැනිව ඒ වගේම සමාජ සාරධර්මවලට පටහැනිව ක්‍රියාකිරීම වැරදියි.

අප කිසිම අවස්ථාවක විපක්ෂයක් හැටියට ජනතාව පොළඹවා අනවශ්‍ය ප්‍රශ්න ඇති කිරීමට උත්සහ කළේ නෑ. මේ අවස්ථාවේ අප කටයුතු කළ යුත්තේ මැතිවරණයක් වෙනුවෙන් නොව, ජනතාවගේ ආරක්ෂාව, ජනතාවගේ ජීවිත මුල්තැනේ ලා සලකමිනි. වගකිව යුතු විපක්ෂයක් ලෙස ජාතික සමගි බලවේගයේ මතය එයයි. අපි මෙහිදී විශේෂයෙන් අවධාරණය කරනවා කොව්ඩ් සමඟ රටේ ව්‍යවස්ථාවත්, මූලික මානව මූලධර්මත්, ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මත්, මේ රටේ පිළිගත් සමාජ මූලධර්මත්, සමාජ සංහිඳියාවත් මරා දමන්න අප ඉඩ තබන්නේ නොමැති බව යැයි ද චම්පික රණවක මහතා සඳහන් කර සිටියේය.

එමෙන්ම, 2019 අප්‍රේල් 21 වන දින සිදුවූ අවාසනාවන්ත පාස්කු ප්‍රහාරයට අදට හරියටම අවුරුද්දක් සම්පූර්ණ වන හෙයින් එම අවාසනාවන්ත සිද්ධියට මුහුණ දී ජීවිතය අහිමි වූ සියලුම දෙනාට අපේ ශෝකය පළ කිරීමට මෙය අවස්ථාවක් කරගන්නා බවත්, එම සිද්ධියට මුහුණ දී ආබාධිත තත්ත්වයට පත් වූ සහ සිය ඥාතීන් අහිමි වූ සියළුම දෙනාට ද ජාතික සමගි ජන බලවේගයේ බලවත් කණගාටුව පළ කර සිටින බවද චම්පික රණවක මහතා වැඩි දුරටත් සඳහන් කර සිටියේය.

SendShareShare
Previous Post

රොෂාන් මහානාම සැබෑ නායකත්වය ‌පෙන්වයි… (PHOTOS)

Next Post

පාස්කු ප්‍රහාරයේ සැබෑ වගකිවයුත්තන් නීතිය ඉදිරියට ‌ගේනවා: ‌ගෝඨාත් ප්‍රකාශයක් කරයි

MORE NEWS

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය සහ නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කරන ලෙස බල කරමින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ උදෙසා වූ ජනතා ව්‍යාපාරය සංවිධානය කළ මහජන...

Read more
භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.