• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාස්කු ප්‍රහාරයෙන් වසර 2කට පසු එළියට ආ කව්රුත් නොදත් අතිවිශේෂ රහස් පහ EXCLUSIVE

April 5, 2021
in Exclusive
Reading Time: 6 mins read
A A
පාස්කු ප්‍රහාරයෙන් වසර 2කට පසු එළියට ආ කව්රුත් නොදත් අතිවිශේෂ රහස් පහ EXCLUSIVE
Share on WhatsAppShare on Facebook

පාස්කු ප්‍රහාරයේ කොමිෂන් වාර්තාව පිළිබඳව පසුගිය සතියේ පාර්ලිමේන්තු විවාදයක් පැවැත්විණ. මෙහිදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා එම ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු මාධ්‍යයක පළ නොවුණු තොරතුරු රැසක් පාර්ලිමේන්තුව හමුවේ පළමුවරට අනාවරණය කළේය. නමුත් ඒ කිසිදු තොරතුරක් කිසිදු මාධ්‍යයක් පළ කළේ නැත. මේ පළවන්නේ අනුර කුමාර දිසානායක මහතා සිදුකළ කතාවේ මාධ්‍යවල පළ නොවූ කොටසය.

“මේ පිළිබඳව අවධානය යොමුකරනකොට මෙහි තවත් නොවිසඳුණු තැන් තිබෙනවා. මෙහි ප්‍රධාන වශයෙන් පාර්ශ්වයන් දෙකක් තිබෙනවා. එක මෙම ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වීම. දෙක මෙම ප්‍රහාරය සිදුවීම මේ ප්‍රහාරයේ අරමුණ මොකක්ද? මේ ප්‍රහාරයේ සැලසුම මොකක්ද. මේක බැලූ බැල්මට ඉස්ලාම් ආගමික, අන්තවාදී, ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයක්. ඒක තමයි මේක පෙනුම. හැබැයි මේකෙ ක්‍රියාවලිය ගත්තොත්. මේකෙ ප්‍රතිඵලය ගත්තොත්, මේකෙ ඇති මාර්ගය ගත්තොත්, මේක පෙළගස්වා තිබෙන ආකාරය ගත්තොත් ඒ සියලු හැඩහුරුකම්වලින් දෙන්නෙ මේක දේශපාලන ප්‍රහාරයක්. මෙහි පෙනුම ඉස්ලාම් ආගමික අන්තවාදී, ම්ලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරයක්. හැබැයි මේ අඩංගුව දේශපාලනික ප්‍රහාරයක්. ඉන් පසුවේ අපේ රටේ දේශපාලන චලනයන් විශාල ප්‍රමාණයක් සිදුවී තිබෙනවා. ඒ නිසා මෙම ප්‍රහාරකයන් පිළිබඳව වගේම එහි යටි අරමුණ, එහි තිබෙන දේශපාලනික පෙළගැස්ම, එයට සහයෝගය දුන් අය, එයට උඩින් ඉන්න අය පිළිබඳව අවශ්‍ය අවධානය මේ කොමිෂන් සභාවෙන් යොමුවී නෑ.

බාහිර හස්තයක් ඇති බව සියලු දෙනාම කියනවා

ඇත්ත ගත්තොත් ප්‍රහාරය සිදුවූ වහාම ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වූවන් පිළිබඳව තිබෙන විවේචනය, අසමත් වූවන් පිළිබඳව තිබුණ සාකච්ඡාව සම්පිණ්ඩනය කොට ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වීම පිළිබඳව වාර්තාවකින් අපිට ඉදිරිපත් කොට තිබෙනව. හැබැයි ප්‍රශ්නය තිබෙන්නෙ මේ ප්‍රහාරයකයන්ගෙ අරමුණ මොකක්ද. මේ ප්‍රහාරකයන් මෙහෙයවනු ලැබුවේ කවුද. කාදිනල් උන්වහන්සේගේ වචනවලින් කියනව නම් මෙහි මහමොළකරුවා සහ කරුවන් කවරේද කියල මේ පාර්ලිමේන්තුව දැනගත යුතුව තිබෙනව. මේ කොමිෂන් සභා හමුවට ගියපු ප්‍රධානීන් ගණනාවක් මෙහෙම ප්‍රකාශ කරල තියෙනව.

මේ වාර්තාවෙ 243 වැනි පිටුව.

“මෙම ප්‍රහාරය පිටුපස බාහිර හස්තයක් හෝ කුමන්ත්‍රණයක් ඇති බවට පහත දැක්වෙන සාක්ෂිකරුවන් ඇඟවුම්ව හෝ පැහැදිලිව සාක්ෂි ලබාදුන්හ.”

ඒ කියන්නෙ මේ ප්‍රහාරය පිටුපස බාහිර හස්තයක් හෝ කුමන්ත්‍රණයක් තිබෙන බව. මේ මේ අය ඍජුව හෝ හැඟවුම්ව කරුණු කියල තියෙනව කියල කියනව.

කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රන්ජිත් හිමිපාණන්. උන්වහන්සේගේ සාක්ෂියෙදි කොමිෂන් සභාවට හැඟී යනව මෙහි බාහිර හස්තයක් හෝ කුමන්ත්‍රණයක් ඇති බවට. ඍජුව හෝ හැඟවුමක් ලෙස උන්වහන්සේ ප්‍රකාශ කොට තිබෙනව. ඊළඟට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහත්මය. ඔහු මෙය කුමන්ත්‍රණයක් හෝ යම් බාහිර හස්තයක් තිබෙන බව ප්‍රකාශ කොට තිබෙනවා. ඊළඟට එහෙම කියන්නෙ නිලන්ත ජයවර්ධන මහත්මය. රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරය. කොමිෂන් සභා වාර්තාව අනුව ඔහුත් හැඟවුමක් හෝ ඍජුව කියල තියෙනව බාහිර හස්තයක් හෝ කුමන්ත්‍රණයක් ඇති බව. විශේෂ කාර්ය බළකායෙ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලතීෆ් මහතා ඒ වෙලාවෙ අණදෙන නිලධාරි. එතුමත් කියනව මේකෙ කුමන්ත්‍රණයක් හෝ බාහිර හස්තයක් ඇති බව. ඊළඟට රවින්ද්‍ර විජේගුණරත්න මහත්මා. ඒ වෙලාවෙ හිටපු ආරක්ෂක කමිටුවෙ ප්‍රධානී. ඔහුත් කියනව මේක කුමන්ත්‍රණයක හෝ බාහිර පාර්ශ්වයක් ඇති බව. ඊළඟට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධක්ෂ රවී සෙනවිරත්න මහත්මය. ඔහුත් කියනව මේක කුමන්ත්‍රණයක් හෝ බාහිර පාර්ශ්වයක හස්තයක් ඇති බව. මේ ඔක්කොම කියනව නම් මේක කුමන්ත්‍රණයක් සහ බාහිර හස්තයක් කියල ඒක සරල නෑ. මේ දේශපාලකයන් කියන එක පැත්තකින් තියන්න.

හැබැයි මේ අය තමයි රාජ්‍ය පිළිබඳව ආරක්ෂාවෙ ප්‍රධානම ස්ථානයන් හොබවන, නායකත්වය දෙන කණ්ඩායම. ඔවුන් කොමිසම හමුවේ කියනව නම් කුමක් හෝ කුමන්ත්‍රණයක් සහ බාහිර හස්තයක් මැදිහත් වීමක් තියෙනව කියල හැඟීමක් තියෙනව කියල. දැන් එහෙනම් කෝ වාර්තාව හෝ ඉදිරි පරීක්ෂණ. අපට දැනගත යුතුව තිබෙනවා කෝ කුමන්ත්‍රණය පිළිබඳ තොරතුරු. එය තමයි වැදගත්. නැවත අපේ රට එවැනි අනාරක්ෂිත අවධානයකට හෙළීම වැළැක්විය හැකි වන්නේ, ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වීම, ඉතා ඉක්මණින් නිවැරැදි කරගත හැකියි. එහි බර, එහි වගකීම, එහි විනාශය එය එසේ තිබියදීම, හැබැයි ඒක ඉතා වේගයෙන් නිරාකරණය කරගත හැකියි ආරක්ෂාව පිළිබඳව. හැබැයි නිරාකරණය කරගන්න බැරි ප්‍රශ්නය මොකක්ද. නිරාකරණය කරගන්න බැරි ප්‍රශ්නය තමයි කුමන්ත්‍රණය. බාහිර හස්තයක් එය හෙළිදරව් නොකරගන්නා තාක්, ඒ පිළිබඳ කරුණු පොදු සමාජයටත්, පාර්ලිමේන්තුවටත්, රාජ්‍ය බුද්ධි සේවාවන්ටත් අවශ්‍ය පරිදි එළිදරව් නොවන තාක් කල් අපේ රට අනාරක්ෂිතයි. ඇයි, නැවත ඕනෑම මොහොතක එම කුමන්ත්‍රණකරුවන්ට යළි කුමන්ත්‍රණයක් දියත් කළ හැකියි. ඒ නිසා මේ අනාරක්ෂිත අවධානමෙන් ගොඩගත හැකි වන්නේ කොමිෂන් රාජ්‍ය ආරක්ෂාව පිළිබඳව ප්‍රධානම වගකිවයුත්තා කොමිසම ඉදිරිපිට ඉදිරිපත්කොට තිබෙන කුමන්ත්‍රණය කුමක්ද කියල හෙළිදරව් කරගැනීමෙන් පමණයි. මා හිතනවා පාස්කු කොමිසම එම කුමන්ත්‍රණය පිළිබඳ දක්වා තිබෙන්නේ ඉතාමත් අඩු අවධානයක්. ඒක දැනුවත්ව අත්හැරලා තියෙනවා. ඒක දැනුවත්ව මඟඇරලා තියෙනවා. මා එකින් එක කියන්නම් මෙතැන තියෙන සැක කටයුතු කරුණු.

නවුෆර් මවුලවිගෙන් ප්‍රශ්න නොකළේ ඇයි

අපි දන්නව මේව දැන් ඉතිහාසයේ චිත්‍රපට හැටියට ඇවිල්ල තියෙනව. නවකතා, පොත්, කතන්දර හැටියට ඒව දන්නව. සහරාන්ගෙ සමීපතමයා, විටෙක ඔහුට නායකත්වය දුන්, විටෙක ඔහුව එයට කැඳවගනු ලැබූ නවුෆර් මවුලවි. නවුෆර් මවුලවි ප්‍රහාරය සිදුවී ඉතාමත් කෙටි කාලයක් ඇතුළත දඹුල්ලෙදි අත්අඩංගුවට ගන්නව. එතැන් සිට තමයි මේ කතාවේ අග මුල හොඳින් විසඳාගත හැකිව තිබුණේ. හැබැයි නවුෆර් මවුලවීව මෙම කොමිෂන් සභාවට අනුයුක්ත පොලිසිය විසින් කටඋත්තරයක් ගනු ලැබූවා. හැබැයි නවුෆර් මවුලවි කොමිෂන් සභාව හමුවේ සාක්ෂි විමසීමට කැඳවනු ලැබුවේ නෑ. මම දැනගන්න කැමැතියි මෙම ප්‍රහාරයේ ඔවුන් වාර්තා කරන පරිදි මාර්තු බෙදෙන තෙක්, හැබැයි මාර්තු මාසයේ බෙදෙන තෙක් මොන තරම් දේවල් සිදුවී තිබෙනවද. ආයුධ එක්රැස් කිරීම සිදුවී තිබෙනවා, පුහුණුවීම් සිදුකිරීම සිදුවී තිබෙනවා, ප්‍රහාරයන් ගැන සැලැසුම් සිදුවී තිබෙනවා, ප්‍රහාරයේ අවශ්‍යතාවය පැහැදිලි කොට තිබෙනවා. උදාහරණයක් ලෙස ගත්තොත් ඔවුන්ගේ දේශනවලින් සහරාන් දේශනයක් ලබාදෙන කොට අයි.එස්.අයි.එස්. සංවිධානය පිළිබඳව ආගමික වශයෙන් මෙය තහවුරු කිරීමේ දේශනය ලබාදී තිබෙන්නෙ නවුෆර් මවුලවි. ඒ නිසා මේ දෙන්න එකට හිටපු මෙහෙයුමක්. අවසානෙදි බෙදුන. හැබැයි මේ කොමිසම හමුවේ සාක්ෂි විමසීමට නවුෆර් මවුලවි කැඳෙව්වෙ නැත්තෙ ඇයි. ඒක රටට කියන්න. එය තමයි මේ මොහොතේ මෙම ප්‍රහාරය පිළිබඳව වැඩිම තොරතුරු තිබෙන සහ උඩින්ම ඉන්න කෙනා. හැබැයි ඔහු කොමිසම හමුවට සාක්ෂි වීමසීමට කැඳවන්නෙ නැහැ. එය මා හිතන්නෙ අපිට පැහැදිලි කරගත යුතු කරුණක්. කුමන්ත්‍රණයේ සමහර කොටස් එතැනින් එළියට ගත හැකියි කියල මා විශ්වාස කරනවා.

මව්බිමේ කලින්ම ලිපියක් ගියේ කොහොමද

දෙවැනි කරුණ, සහරාන්ගෙ පළමු ත්‍රස්ත ක්‍රියාව මේකද නෑ. 2018 නොවැම්බර් මාසෙ 30 වැනිදා වවුනතිව්වලදි පොලිස් නිලධාරීන් දෙදෙනකු ඝාතනය කොට ටී-56 පිස්තෝල දෙකක් පැහැරගනු ලබනව. ඒක තමයි ඔහුගේ ප්‍රහාර පැත්තෙන් බැලුවොත් පළමු ත්‍රස්ත ක්‍රියාව. දින 52 ආණ්ඩුව තියෙන වෙලාවෙ 2018 නොවැම්බර් මාසෙ 30 වැනිදා මුරපොළක රාජකාරිය කරමින් හිටපු පොලිස් නිලධාරීන් දෙනෙකු ඝාතනය කොට අවි ආයුධ පැහැර ගන්නව. එහිදී අන්ජනම් කියල කෙනෙක් අත්අඩංගුවට ගන්නව. ඔහු එල්.ටී.ටී.ඊ. සංවිධානයෙ පුනරුත්ථාපනය වුණු කණ්ඩායමක කෙනෙක්. ඔහු අත්අඩංගුවට අරන් දින කිහිපයකට පස්සෙ අපරාධ පරීක්ෂණ දෙපාර්ත-මේන්තුවට බුද්ධි අංශ විසින් වාර්තා කරනවා ජැකට් එකක් ඒ ආසන්නයේ බෝක්කුවක් මත දමාගොස් තිබෙන බව. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙ නිලධාරීන් පොලිස් සුනඛයෙක් අරගෙන යනව ඒ ජැකට්ටුව ගාවට. ඒ පොලිස් සුනඛය යන්නෙ අර අත්අඩංගුවට ගත්ත දෙමළ කෙනා ගාවට. මෙය ඉතා පැහැදිලිව සහරාන්ලගෙ පළමු ක්‍රියාව. පරීක්ෂණ නොමග යැවීම සඳහා යම් සැලැසුම් සහගත ක්‍රියාවක් දියත්වෙලා තියෙනව. එයාව අත්අඩංගුවට ගැනීම, ජැකට් එකක් දැමීම, ජැකට් එක පොලිස් සුනඛයා අත්අඩංගුවට ගත්ත දෙමළ කෙනා කෙරෙහි හඹාගෙන යෑම.

ඒ විතරක් නෙමෙයි මා ගාව තියෙනව ගිය සතියට පෙර ඉරිදා මව්බිම පුවත්පතේ ලිපියක්. උදේනි සමන් කුමාර මහතා ලියපු. ඒ ලිපියෙ තියෙනව මෙහෙම.

‘වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එවක රටේ සාමාන්‍ය පුරවැසියෙක් විය. ඔහු වවුනතිව් සිද්ධිය සම්බන්ධයෙන් පළකළ වාර්තා පිළිබඳව දැඩි උනන්දුවෙන් බලා සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්නට කතාකොට දැනුම්දී තිබුණේ තමන්ට තේරුම් යන ආකාරයට මෙය එල්.ටී.ටී.ඊ. වැඩක් විය නොහැකි බවය.

ගෝඨාභය රාජපක්ෂ මහතා සිවිල් පුරවැසියෙක් හැටියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න මහතාට ප්‍රකාශ කළාලු මෙය එල්.ටී.ටී.ඊ. සංවිධානයෙ වැඩක් නොවන බව. මා දැනගන්න කැමතියි රවී සෙනවිරත්න මහත්මය මේ පිළිබඳව කිසිදු තැනක ප්‍රකාශයක් කරල නෑ. කොමිසමේදී හෝ ප්‍රකාශයක් කරල නෑ. එහෙනම් සැබැවින්ම ගෝඨාභය රාජපක්ෂ මහත්මය කතා කරාද, එහෙම නැත්නම් කතා කළා කියලා නිර්මාණයක් හැදුවාද. අපිට සැකයක් තිබෙනව. ඇයි මේ හිටිහැටියෙ ගිය ඉරිද මව්බිම පුවත්පතේ මේ වවුනතිව් සිද්ධිය පිළිබඳව ගෝඨාභය රාජපක්ෂ මහත්මය අවධානයෙන් හිටිය බවත්, එය එල්.ටී.ටී.ඊ. සංවිධානයේ වැඩක් නොවන බවත් පැහැදිලි කරන්නේ කුමක් වෙනුවෙන්ද. හිටි හැටියේ ගිය ඉරිදා මව්බිම පුවත්පතේ මෙය වාර්තා වෙන්නේ කෙසේද කියන එක අපි දැනගත යුතුයි.

ටාජ් එක පුපුරව ගන්න ආ කෙනා ඇමතුම ගත්තෙ කාටද

ඒ වගේම හිටපු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහත්මයගෙන් මේ පිළිබඳව ප්‍රශ්න කළාද. මා පෞද්ගලිකව විශ්වාස කරනව ඔහුට එහෙම දුරකතන ඇමැතුමක් ඇවිත් නැති බව. තුන්වැනි කරුණ ප්‍රහාරය සැලැසුම් කරල තිබුණ හෝටල් අතර ටාජ් සමුද්‍රා හෝටලයේ ප්‍රහාරය සිද්ධ වන්නේ නෑ. ටාජ් හෝටලයේ ප්‍රහාරය සිද්ධ වෙන්නෙ නැති වුණාම ඒ ප්‍රහාරකය එතැනින් දුරකතන ඇමැතුමක් ගන්නව. කිසිදු බුද්ධි අංශ වාර්තාවක හෝ කිසිදු පරීක්ෂණ වාර්තාවක හෝ ඒ දුරකතන ඇමැතුම ගත්තෙ කාටද කියල තවම සොයා ගන්න බැරිවී තිබෙනව.
ඒ නිසා ඔහු එම දුරකතන ඇමැතුම ගත්තෙ කාටද කියන එක සොයාගත යුතුයි. ඊළඟට ඔහු දෙහිවල ප්‍රදේශයේ හෝටලයකට ලැගුම්ගන්න යනකොට හමුදා බුද්ධි අංශයේ නිලධාරියෙක් ඉතා ක්ෂණිකයෙන් මේ ප්‍රහාරය සිදුවී පැය තුන හතරක් ඇතුළත ඔහුගේ නිවසට යනව. නිවසට ගිහින් ඔහුගේ බිරියගෙන් ප්‍රශ්න කරනව. බිරිය කියනව ඔහු ගමනක් ගිහිල්ල කියල. ඊට පස්සෙ බිරියට දුරකතන ඇමැතුමක් ගන්නව ඔහු හිටපු පල්ලියෙ ආරක්ෂක නිලධාරීන්. ඒ නිලධාරියට හමුදාවෙ බුද්ධි අංශ නිලධාරියෙක් කතා කරනව. කොහොමද මේක සිද්ධ වෙන්නෙ.

ප්‍රහාරයක් වෙලා තියෙද්දි බුද්ධි අංශ නිලධාරියෙක් ගෙදර ගියේ කොහොමද

මේ ප්‍රහාරය සිද්ධ වෙලා විශාල ආන්දෝලනයක් වෙලා තියෙන වෙලාවක, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අගක් මුලක් හොයාගන්න බැරි වෙලාවක. හැබැයි ප්‍රහාරයට හවුල් එක් අයෙක්ගෙ නිවසට කොහොමද යන්නෙ. ඒ පිළිබඳව අපි දැනගත යුතුයි.

මැලේසියාවට කතා කළේ කව්ද

සිව්වැනි කරුණ මේ ප්‍රහාරය සිදුවෙලා සැලකිය යුතු වෙලාවක් යන තෙක් අයි.එස්.අයි.එස්. සංවිධානය මෙම ප්‍රහාරයෙ වගකීම භාරගත්තෙ නෑ. මෙම ප්‍රහාරයෙ වගකීම භාරගන්නෙ නැතිව දීර්ඝ වෙලාවක් හිටිය. නමුත් මෙම ප්‍රහාරය වගකීම භාර ගැනීම පිළිබඳව සහරාන් කියල වෙන අයෙක් ඉන්දුනීසියාවේ අයි.එස්.අයි.එස්. සංවිධානයේ ප්‍රකාශකයෙකුට කතා කරනවා. ඔහු දැන් අත්අඩංගුවෙ ඉන්නව. කතා කරල ඔහු ඉල්ලා සිටිනව මේ අයි.එස්.අයි.එස්. සංවිධානයට වගකීම භාරගන්න කියල. හැබැයි මේ හරහා විදේශීය ඔත්තු සේවයක් විසින් යම් දුරකතනයක එමි අංකයක් දෙනව. අයි.ඩී. අංකයක් දෙනව. ඒ අයි.ඩී. අංකය අනුව මැලේසියාවට කතා කරන සහරාන් ඇයි තාමත් ඕගොල්ලන් මේ වගකීම භාරගත්තෙ නැත්තෙ කියල අසා සිටිනව. මොහු විලාප දෙමින් අර පැත්තට කියනව භාරගන්න කියල. ඒගොල්ලො කියනව අපිට බාරගන්න බෑ ඕගොල්ලො බයියත් කියල නෑ කියනව. ප්‍රතිඥා දීල නෑ කියනව. නැවත ප්‍රතිඥා දීම පිළිබඳව වීඩියෝවක් නිකුත් කරනව. නිකුත් කරාට පසුව තමයි අයි.එස්.අයි.එස්. සංවිධානය මෙහි වගකීම භාරගන්නෙ.

දුරකතනයෙ අයි.ඩී. ලිපිනය අනුව කාගෙද දුරකතනය

මම දැනගන්න කැමතියි අර දුරකතනයෙ අයි.ඩී. ලිපිනය අනුව කාගෙද දුරකතනය කියල. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මාධ්‍ය හා අනෙක් සියලුදෙනාම නැති වෙලාවෙ එම දුරකතනය කාගෙද කියල කොමිසම හමුවේ කියල තියෙනව. හැබැයි නීතිඥ මහත්වරු ඒ වෙලාවෙ හිටිය මාධ්‍ය හිටියෙ නැති වුණාට. ඒ නිසා අපි දැනගන්න ඕනෙකම තියෙනව අර සහරාන් දෙක කියන පුද්ගලයාට මේ දුරකතනයෙන් කතා කළේ කවුද. කතා කරල මේ වගකීම අයි.එස්.අයි.එස්. සංවිධානයට භාර ගැනීම සඳහා බල කරේ කවුද කියන එක පිළිබඳව මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළයුතුව තිබෙනවා. ඊළඟට මෙහි පස්වැනි කරුණ මෙහි කුමන්ත්‍රණය පිළිබඳව. මෙහි පළමුවැනි තොරතුර එන්නෙ අප්‍රේල් මාසෙ 04 වැනිදා. ඒ තොරතුරේ මේ ප්‍රහාරය එල්ල විය හැකි ආකාරය, එක්කො මරාගෙන මැරෙන ප්‍රහාරයක්, එක්කො ට්‍රක් රථ ප්‍රහාරයක්, එක්කො තුවක්කුවලින් එල්ල කරන ලද ප්‍රහාරයක් ආදී ප්‍රහාර ආකාර හතරක් නම් කරනව. ඒ වගේම මේ ප්‍රහාර එල්ල කරන අය. සහරාන්, මිල්වාන්, රිල්වාන් ඇතුළු නාම ලේඛනයක් සඳහන් කරනව. ඒ නිසා අප්‍රේල් 04 වැනිදා එන තොරතුර එම ප්‍රහාරයකයන් ගැන එන සමීපතම තොරතුරක්. ප්‍රහාරය එල්ල කරන ආකාරයත් තියෙනව, ප්‍රහාරය එල්ල කරන පුද්ගලයන් ගැනත් තියෙනව. මේක අප්‍රේල් මාසෙ 04 වැනිද එනව. ඒ හින්ද අප්‍රේල් මාසෙ 04 වැනිදා මේ ප්‍රහාරය පිළිබඳව සංඥා, මේ ප්‍රහාරය පිළිබඳව තොරතුර ඉතාමත් සමීපතම, නිවැරැදි තොරතුරක්. හැබැයි නැවත ඔවුන්ගෙන් තොරතුරක් එන්නෙ අප්‍රේල් මාසෙ 26 වැනිදා සවස. හෙට ප්‍රහාරය එල්ල කරනව කියල. නැවත තොරතුරක් එනව 21 වැනිදා උදේ හයට අද දිනයේ අටත්, දහයත් අතර ප්‍රහාරයක් එල්ල කරනව කියල. මේ තොරතුරු තුනෙන් පෙන්නුම් කරන්නෙ මොකක්ද. 04 වැනිදා එන තොරතුරත්, 20 වැනිදා හවස එන තොරතුරත් ඉතාමත් සමීපතම, නිවැරැදි, ආසන්නතම තොරතුරු. හැබැයි අප්‍රේල් 07 වැනිදා මිලියන 47ක් බැංකුවෙන් ගන්නව. ඒ තොරතුර එන්නෙ නෑ. අප්‍රේල් 09 වැනිදා මේ ප්‍රහාරයට සම්බන්ධ වූ අය සමුගැනීම සඳහා ගවයෙක් මරල මස් බෙදනව ප්‍රසිද්ධියේ. ඒ තොරතුර එන්නෙ නෑ. අප්‍රේල් 16 මෝටර් සයිකලයක් පුපුරවා හරිනව. ඒ මෝටර් සයිකලය සඳහා අවශ්‍ය වෙඩි බෙහෙත් සියල්ල මෙහෙන් බැඳගෙන කාන්තන්කුඩි දක්වා යනවා. ඒක එන්නෙ නෑ. අප්‍රේල් 18 වැනිදා පුපුරණ ද්‍රව්‍ය අරගෙන පානදුරේ යනව. ඒක එන්නෙ නෑ. අර වැනි සමීපතම තොරතුරු එන ජාලයකින් මේ ප්‍රහාරයේ ඉදිරි වර්ධනයන් ආවෙ නැත්තෙ ඇයි. අන්න ඒ පිළිබඳවත් අවධානය යොමුකළ යුතුයි. ඒ කරුණු ටික නිරාවරණය වුණොත් බුද්ධි අංශ නිලධාරීනුත්, ජනාධිපතිවරයත්, කාදිනල්තුමත් කොමිසම හමුවේ කියපු කුමන්ත්‍රණකරුවන් සහ මැදිහත් වීම් පිළිබඳව තොරතුරු හෙළිදරව් කරගත හැකියි කියල අපි විශ්වාස කරනව. ඒ දිශාවට මේ පරීක්ෂණය යොමුකරාවි කියල බලාපොරොත්තුවෙන් මා නතර වෙනව.”

ඉන්දික වික්‍රමරත්න

SendShareShare
Previous Post

ආණ්ඩුවේ පක්ෂ නායක රැස්වීම උණුසුම් වෙයි: පළාත් සභා ජන්ද යෝජනාවට අදත් විරෝධය

Next Post

ජනපතිගෙන් තවත් තහනමක්

MORE NEWS

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

මෙහෙම දක්ෂකම් තියෙන නායකයෙක් වෙන පක්ෂෙක ඉන්නවාද? මේ විදිහට තමාගේ නායකයාව මාකට් කරන්න දන්නේ ප්‍රසාද් විතරමද? අනිත් අය නොකර ඉන්නේ ඉරිසියාවට? කුහකකමට? නැත්නම් දේශපාලනේ නොදන්න කමටද? VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර දිනලා සජිත් පැරදුණ හේතුව සජබ ගම්පහ මන්ත්‍රී ප්‍රසාද් හරියටම කියයි! මාලිමාව ඕන බොරුවක් ඇත්ත කරන විදිහ මෙන්න! අදටත් සජබය ඉන්නේ පසුපසින්! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරියයි පුත්‍රයායි මල්වතු-අස්ගිරි මහනාහිමිවරු හමුවෙයි! ලොකු ඉල්ලීමක් කරයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

Load More
සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මවට සමාජ මාධ්‍යවලින් පහර එල්ල කිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පාර්ලිමේන්තුවේදී විවේචනාත්මකව අදහස්...

Read more
මෙහෙම දක්ෂකම් තියෙන නායකයෙක් වෙන පක්ෂෙක ඉන්නවාද? මේ විදිහට තමාගේ නායකයාව මාකට් කරන්න දන්නේ ප්‍රසාද් විතරමද? අනිත් අය නොකර ඉන්නේ ඉරිසියාවට? කුහකකමට? නැත්නම් දේශපාලනේ නොදන්න කමටද? VIDEO I Sri Lanka Latest News

අනුර දිනලා සජිත් පැරදුණ හේතුව සජබ ගම්පහ මන්ත්‍රී ප්‍රසාද් හරියටම කියයි! මාලිමාව ඕන බොරුවක් ඇත්ත කරන විදිහ මෙන්න! අදටත් සජබය ඉන්නේ පසුපසින්! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේගේ බිරියයි පුත්‍රයායි මල්වතු-අස්ගිරි මහනාහිමිවරු හමුවෙයි! ලොකු ඉල්ලීමක් කරයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.