හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා ඇදිරි නීතිය මැද පීඩා විදින දුගී දුප්පත් ජනතාව වෙනුවෙන් මේ දිනවල සිදුකරන සමාජ සේවාව සම්බන්ධයෙන් සකස් කළ වීඩියෝවක් නව ෆේස්බුක් වාර්තාවක් තැබීමට සමත්ව ඇත.
ඒ් අනුව අදාළ වීඩියෝව පැය 3ක් ඇතුළත ෆේස්බුක් මගින් නැරඹු ප්‍රමාණය 500,000 ඉක්මවා ගොස් තිබේ.
එමෙන්ම ඊට කැමැත්ත පළ කර තිබූ ප්‍රමාණය 30,000 ඉක්මවා තිබූ අතර 31,000ක පමණ ප්‍රමාණයක් එය බෙදා හැර තිබුණි.
එවැනි වාර්තාවක් මීට පෙර ශ්‍රී ලංකාව තුළ තබා නොතිබූ බව සමාජ මාධ්‍ය විශ්ලේෂකයින් පෙන්වා දෙන අතර ශ්‍රී ලංකාවේ වීඩියෝවක් ෆේස්බුක් තුළ වඩාත් වේගයෙන්ම සංසරණය වූ පළමු අවස්ථාව ලෙසද මෙය වාර්තා වේ.










