සමෘද්ධි අරමුදල ඇපයට තබා ණයට මුදල් ගෙන දුප්පත් ජනතාවට රුපියල් 5000 ලබා දීමට අවශ්‍ය නැති බවත්, වහාම පාර්ලිමේන්තුව කැ ඳ වන්නේ නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස රුපියල් 5000ක් නොව රුපියල් 20000ක් සම්ම්ත කර දීමට තමන් සූදානම් බව හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කළේය.
අද ආණ්ඩුව මැතිවරණ කොමිසම විසින් ජුලි මස රුපියල් 5000 ලබා නොදෙන ලෙස දැනුම් දී ඇති බවට බොරු ප්‍රචාරයක් යවන බවත්, මැතිවරණ කොමිසම කියා ඇත්තේ දේශපාලනීකරණයෙන් තොරව එම මුදල් ලබා දීමට පියවර ගන්නා ලෙසත් බවද ප්‍රේමදාස මහතා කියා සිටියේය.










