ක්‍රිකට් මාෆියාව ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කළ ආකාරය හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහතා අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත ඊයේ (21) දිනයේදී දැනුම් දී සිටියේය.
එහිදී මහේල පෙන්වා දුන්නේ ලංකාවේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාව සම්පූර්ණයෙන්ම බිද වැටී ඇති බවත්, එදා ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පැවැති ‘බ්‍රෑන්ඩ්’ එක අද වන විට බිද වැටී ඇති බවත්ය.
මෙවැනි අවස්ථාවකදී පොලියට ණය මුදල් ගෙන ක්‍රීඩාංගණ ඉදිකරනවාට වඩා පවතින මුදල් ක්‍රීඩාවේ උන්නතියට යෙදවිය යුතු බවද මහේල එහිදී පෙන්වා දුන්නේය.










