පාර්ලිමේන්තුව ඇතුළේ කරන ඔළුගෙඩි සෙල්ලම සම්පූර්ණයෙන්ම සූදුවක් බවත් ඒ කසල ගොඩට සමගි ජන බලවේගය හෝ සමගි ජන සන්ධානය නොවැටෙන බවත් විපක්ෂ නායකතුමා පැවසීය.
අද මැති ඇමැතිකම්, අගමැතිකම් වෙන්දේසි සූදුවකට දමා ඇති බවත් මේ පුටු හුවමාරුවෙන් රට ගොඩ නැගිය නොහැකි බවත් ඒ මහතා පැවසීය.
තුනෙන් දෙකේ බලයක් ගෙන, 20 හරහා සුපිරි විධායක බලතල ඇති ජනාධිපතිකමක් හදාගෙන ඇති ආණ්ඩුව අද රට අගාධයකට තල්ලු කොට ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා ඒ රට ගොඩනැගීමේ ශක්තිය සමගි ජන බලවේගය සතු බවද පැවසීය.
ජනපීඩක දුර්ධාන්ත ආණ්ඩුවට එරෙහිව සමගි ජන බලවේගය විසින් සංවිධානය කරනු ලබන නිදහස් අරගලයේ “සමගි බල පා ගමන” අද (28) තෙවැනු දිනයට ගලිගමුවෙන් ආරම්භ වී වරකාපොලෙන් අද දිනට අවසානය සනිටුහන් කළේය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගය නියෝජනය කරන මහජන නියෝජිතයින් ඇතුළු ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මහ වැසි නොතකා එම පා ගමනට එක්ව සිටියහ.














