2023 වර්ෂයේ ප්රථම පාර්ලිමේන්තු සභාවාරය අද (05) පැවැත්වීමට නියමිතව තිබේ.
අද ( 05) පාර්ලිමේන්තුවේ දී පුනරුත්තාපන කාර්යංශ පනත් කෙටුම්පත විවාදයට ගැනීමට නියමිත අතර විවාද කර ඡන්ද විමසීමකින් අනතුරුව පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට නියමිතව තිබේ.
කෙසේවෙතත් දේශපාලන ආරංචිමාර්ග සදහන් කර සිටින්නේ අද පාර්ලිමේන්තුවේදී පළාත් පාලන මැතිවරණය කල් දමා ගැනීම සදහා ආණ්ඩුව කුමන හෝ උප්පරවැට්ටියක් යෙදීමට සැලසුම් කරමින් සිටින බවකි.
එවැනි කිසිවකට ඉඩ දීමට විපක්ෂය සූදානම් නොමැති බවද දැනගන්නට තිබේ.










