අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රදවා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා තනි සිර මැදිරියක් වෙත මාරු කොට ඇති බව දැනගන්නට තිබේ.
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඒ මහතාගේ සුවදුක් විමසීමෙන් අනතුරුව මත්ද්‍රව්‍ය සහ පාතාලයට සම්බන්ධ අනෙකුත් සිරකරුවන් සමග රදවා තැබීමෙන් ඒ මහතාගේ ජීවිතයට තර්ජනයක් ඇති බවට කළ ප්‍රකාශයෙන් අනතුරුව මෙම පියවර ගෙන තිබේ.
රන්ජන් රාමනායක මහතා රදවා තිබුණ් ජුලම්පිටියේ අමරේ, කළු තුෂාර වැනි නමගිය පුද්ගලයන් සමගය.










