පාර්ලිමේන්තුවේ අමුත්තනගේ ගැලරියේ ජායාරූපයක් පසුගියදා පාර්ලීමේන්තු මන්ත්‍රීවයකු විසින් සිය ට්විටර් ගිණුමට එක්කොට තිබිණ.
එම ජායාරූපයේ දැක්වුණේ ජනාධිපතිවරයා රාජාසන කතාව සිදු කරද්දී ගැලරියේ රැදී සිටි ආගමික පූජකවරුන්ය.
එහි සදහන් වූයේ භික්ෂූන් වහන්සේලා 16 නමක්, ඉස්ලාම් පූජකවරුන් දෙදෙනෙක්, හින්දු පූජකතුමෙක් එහි සිටි බවය.
එමෙන්ම කිසිදු ක්‍රිස්තියානි සහ කතෝලික පූජකතුමෙක් එහි නොසිටි බවද එහි සදහන් විය.
මෙම ජායාරූපය ප්‍රසිද්ධ කර තිබුණේ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යයන් රාසමාණික්කම් මහතාය.










