යතුරුපැදියකින් පැමිණ පානදුර ප්‍රදේශයේදී ඉකුත් ජනවාරි 25 වැනිදා වෙඩි තබා තරුණයකු ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනා මේ වනවිට රටින් පළාගොස් ඇති බව වාර්තා වේ.
ඒ අනුව යතුරුපැදිකරු ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් මගින් කටුනායක ගුවන් තොටුපොළින් ඩුබායි බලා පිටත්ව ගොස් ඇති බවත්, වෙඩික්කරු මුහුදු මාර්ග ඔස්සේ ඉන්දියාවට පළා ගොස් ඇති බවත් දැනගන්නට තිබේ.
මේ වනවිට ඒ සම්බන්ධයෙන් වෙනම පරීක්ෂණයක් ආරම්භ කොට ඇති බවද දැනගන්නට තිබේ.










